Surapanaya – Bauddayage Athpotha, Ven Rerukane Chandawimala Mahanahimi

surapanayaසුරාපානය – බෞද්ධයාගේ අත්පොත, පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි (පිටු අංක 80 සිට 83 දක්වා)

ළමුවෙන් මත්පැන් උගුර බොනවිට බොහොම ලොකු පෞර්ෂත්වයක්‌ ගොඩනගා ගන්නවා. හරි සනීපයක්‌ දැනෙනවා. බීලා තව ටිකක්‌ මත්වෙන කොට මොකද වෙන්නේ.

මත්කොට මනුෂ්‍යයාගේ ප්‍රකෘති සවභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදී පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම දයන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මය කී.

සුරාවෙන් මත් වූ කල්හි සත්වයා පිස්සෙකු වැනි වේ. මහණෙනි, සේවනය කරන ලද්දා වූ, වඬන ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ, සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වෙයි.

තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වෙයි. අනාගතයෙහි උන්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Download

ත්‍රිපිටක පාද සටහන්:-

  1. සුරාපාන ජාතකය – එකක නිපාතය, ජාතකපාළි-1, ඛුද්දකනිකාය – සිහි මුලාකරණ සුරාව පානයකොට යම් හෙයකින් වඳුරෝ නොවූයෙමුද එයම යෙහෙකැයි මෙසේ තමන්ගේ නුගුණ කීහු.”
  2. සුරාමෙරය සූත්‍රයසංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
  3.  පඤ්‌චසීල සූත්‍රය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 3. මාතුගාම සංයුක්තය » 2. අනුරුද්ධ වර්ගය
  4. පඤ්‌චසික්‌ඛාපද සූත්‍රයසංයුත්‌ත නිකාය, නිදාන වර්ගය , ධාතු සංයුක්තය, කම්‌මපථ වර්ගය  මහණෙනි, සත්වයෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6149