Mithyadrushtiya-Dasa Akusal(10-10) – Ven Rerukane Chandawimala Nahimi

Mithyadushtiදශ අකුසලයේ – (10 – 10) මිත්‍යාදෘෂ්ටිය

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 75 සිට 79) උපුටා ගන්නා ලදී. දස අකුසල් අතරින් දසවෙනි අකුසළය වන “මිත්‍යාදෘෂ්ටිය” ගැන සදහන් ඉතාමත් අගනා විස්තරය උන්වහන්සේට උපහාරයක් පිණිස සහ සියල්ලන්ගේ ධර්මාවබෝධය පිනිස ඉදිරිපත් කරමී.සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයේ නොයෙක් මතවාද ආගම් දර්ශනයන්ගෙන් පිරී පැවතුනේය. එහෙයින්, දඹදිව දෘෂ්ටි කෞතුකාගාරයක් බඳු විය. එකල දෙසැටක් මිත්‍යාදෘෂ්ටි තිබුණ බව ප්‍රකට කරුණකි.

එමෙන්ම අද ලොව වැඩි පිරිසක් සිටින්නේ පෘථග්ජන බෞද්ධයන් පමණි. එහෙත් බොහෝ සෙයින් ඔවුන්ගේ බෞද්ධකම උපතට හෝ හුදු පුද පූජාවන් සමූහයකට පමණක් සීමා වී ඇති අයුරු පෙනේ. අප රටේ සිටින බහුතරයක් බෞද්ධයන්ගේ තත්වය ද එසේය. බුදු දහමට අනුව තම ජීවිත පවත්වාගෙන යන බෞද්ධයන් සිටින්නේ ඉතා අල්පයකි. එසේ වී ඇත්තේ බුදු දහම ඉගෙන ගෙන තම වගකීම වටහාගෙන ඔවුන් කටයුතු නොකිරීම නිසයි. මිත්‍යාදෘෂ්ටි ගත් අයට එහි ඵල වශයෙන් මෙහිදීත් සිහි මුළාවීම් ආදිය ද, මරනින් පසු අපායේ ඉපැත්ම ද, මිනිස් ව උපන් කල නුවණ මඳ බව, සුව කළ නො හැකි කල් පවත්නා ලෙඩ ඇති බව ආදි හිරිහැර ද වේ.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6082

2 comments

    • sameera hapugala on April 14, 2011 at 10:37 am
    • Reply

    mata දශ අකුසලයේ 1 sita 4 dakka mema web site eken labagenimata noheki wuna nisa, eya laba geimata upakarayak karana men illasitimee.

    Sameera

    1. please click on below link
      http://www.dhammikaweb.com/?p=4502

Leave a Reply