Sajeevi Dahama – Ven Ajahn Chah Thero

Untitledසජීවී දහම (Living Dhamma නමැති කෘතියේ අනුවාදය)  – පූජ්‍ය  අචාන් චා හිමි
බුදු දහම යනු හුදු සංකල්පයක්, චින්තනයක් හෝ අන්ධ විශ්වාසයක් හෝ නොව සජීවි ගුණයෙන් යුක්ත ප්‍රායෝගික දහමකි. ලෝකය තුළ කෙතරම් ආගම් දක්නට ඇතත්, නවීනවිද්‍යාව හා සමගාමී ව පැවතීමට හැකි වන්නේ බුදුදහමට පමණක් බව නවීන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් නමැති විද්‍යාඥයා විසින් ද ප්‍රකාශ කර තිබේ.තෘප්තියක් හා සතුටක් ලැබීම සඳහා අනිත්‍ය දේවල් පිටුපසයමින් ˆˆමමය˜˜, ˆˆමගේය˜˜, ˆˆඅපගේය˜˜, යනුවෙන් තදින් ග්‍රහණය කර ගැනීම නිසා ඒවා අනිත්‍ය ස්වභාවයට අනුව අහෝසි වීයන විට දුක ඇතිවෙයි. එහි ඇති සජීවි ස්වභාවය එයයි.
දුක අහෝසි කර දැමීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයක් ද පවතී. එම නිසා ප්‍රායෝගික බවින් යුක්ත මෙම ක්‍රියා මාර්ගය තුළ සජිවී බවක් පවතියි.ධමය සජීවිය කියා පවසනු ලබන්නේ මෙම කරුණු නිසාය.
කුසල් සොයමින් යන මිනිස්සු එමට සිටිති. ඔවුන් ඉක්මණට හෝ පසුවට හෝ කළයුතු වන්නේ වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමේ මාර්ගයක් සෙවීම ආරම්භ කිරීමයි. නමුත් ඒ ගැන උනන්දුවක් දක්වන මිනිසුන් ඒ තරම් නැත. බුදුන් වහන්සේගේ ධර්මය ඒ තරමට ම ලුහුඩු වූවකි. නමුත් මෙම බා පොං අරම මග හැර යන්නාක් මෙන් බොහෝ මිනිස්සු එම ධර්මය මඟහැර යති. බොහෝ මිනිසුන්ට ධර්මය එවැනි දෙයකි. එය මඳක් නැවතී සිටින තැනක් පමණකි.
ධර්මය සමඟ ජීවත්වීම

බොහෝ මිනිස්සු භාවනා පුහුණුවේ හරය ගැන තවමත් නො දනිති. භාවනා පුහුණුව හෙවත් ධර්ම පුහුණුව වශයෙන් ඔවුන් සිතාගෙන සිටින්නේ, සක්මන් භාවනාව, වාඩිවී කරන භාවනාව හා ධර්මයට සවන්දීම වැනි දේවල් වලටය. මෙහි සත්‍යයක් නැත්තේ ද නොවේ. නමුත් ඒවා පුහුණුවේ බාහිර ලක්ෂණයන් පමණකි. නියම පුහුණුව සිදුවන්නේ මනසට ඉන්ද්‍රීය අරමුණක් යොමුවන විටය. පුහුණුවිය යුතු තැන මෙතැනය. එනම් ඉන්ද්‍රියන් සහ අරමුණුවල ගැටීම ඇතිවන තැනය. මිනිසුන් අප කැමති දේවල් පවසන විට අපට ඇතිවන්නේ සතුටකි. අප අකමැති දේවල් පවසන විට ඇතිවන්නේ අසතුටකි.එම නිසා අප පුහුණුවිය යුතු තැන මෙතැනය. අප මේවා තුළින් පුහුණු විය යුත්තේ කෙසේද? ඉතාමත් ම වැදගත් දෙය වන්නේ මෙයයි. නිරතුරුව ම දුක මඟ හරිමින්, සතුට පස්සේ යමින්, හුදෙක්, ඒ වෙනුවෙන් කාලය ගත කළහොත් මියයන තෙක්ම භාවනා පුහුණුවේ යෙදුනත්, අපට කිසිදිනක ධර්මය දැකගැනීමට නො හැකි වෙයි. මෙයින් ඵලක් නැත. සතුට හාදුක පහළ වනවිට ඒවායින් ගැලවීම සඳහා, අප ධර්මය යොදා ගනු ලබන්නේ කෙසේද? භාවනා පුහුණුවේ පරමාර්ථය ලෙසින් සැළකෙන්නේ මෙයයි.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=567

Leave a Reply