Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද?

 ආජීව අෂ්ඨමක ශීලය, පංචශීලය ඇතුලේ ඇති බවත් මෙම ශීලයන් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට එකක් එකක් ගානේ සම්බන්ද වන ආකාරය විග්‍රහ කරමින් පංච ශීලය රැක්කත්, ආජීව අෂ්ඨමක ශීලය රැක්කත්  ශීලය පරිපූර්ණ වෙන අතර පැහැදිලිව සමාදන් වීමට පුළුවන් වන බැවින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව රැකීම වැදගත් වෙනවා. 
 
මෙහිදී   ” සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී  “  සික්ඛාපදය නො කීවාට එයට ඉඩ තැබුවා නො වේ, එය තුන්වෙනි වැනි සික්ඛාපදයට ඇතුලත් වෙලා ආරක්ෂා කරනු ලැබෙනවා. ඒ නිසා අපේ බෞද්ධයෝ නිත්‍ය ශීල රකිමින් පංචශීලය රැකීම තුලින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව සීලවන්ත භාවයට පැමිණෙත් වා!
 
මාංස අනුභවය නො සුදුසු ද?  මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ   ය.

ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.

 
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Dam-Sabha-Mandapaya.mp3[/mp3]
 
 Source : W E Wijayananda
 
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4617

2 comments

    • dms on June 11, 2012 at 11:08 pm
    • Reply

    a rare discussion. great posting..!
    may triple gems bless you !

  1. ධර්මය වෙනුවට පුද්ගලයන් මූලික වුනාම ඔහොම තමයි ඉතින්. විශේෂයෙන් දැනුම මිස භාවිතය නැති අය වටා  කල්ලියක් ගොඩනැගුනොත් හරිම භයානකයි.එම නිසා  තමයි ඔවුන් නා උයනේ හිමිගේ දේශනාව වුවත් ප්‍රතික්ෂෙප කරන්නේ. එහි උන්වහන්සේ අදහස් කළ ධර්ම කොටස් උකහා ගැනීමට තරම් ඔවුනගේ මේ මස්මාංස කන්න තිබෙන ප්‍රේතකම නිසා නුවණ මොට වෙලා. ඔවුන් දැණුම තමතමන්ගේ ජීවිතයට එකතු නො කර ත්‍රිපිටකයේ යම් ඡේදයන් මස්මංස දන්දුන් කොටස් ගෙන තමාගේ රසතෘෂ්ණාවන් සාදාරණීකරනයට යොදා ගැනිම මොන තරම් සාසනයට භයංකර ද සිතා ගත හැක. ඔවුන් මෙම සාදාරණීකරනයට ගන්නා සූත්‍රයන් විශ්ලේෂනය කළ විට ඔවුන් මේ ගෙන හැර පාන්නට දගලන මස් කෑම/දන් දීම යන පදය වත් විග්‍රහ කරන්නට නො පුළුවන් වේ. බලන්නකෝ ඔවුන් මෙම සූත්‍රයන්ගේ කොටස් බොහෝම ලස්සනට පිටපත් කරගෙන ඉදිරිපත් කරනා විලාශය. නිකම්ම නිකන් තර්කයන් පමණී.   පොඩ්ඩක් සිතන්න මොවුන්ගේ මෙම දේශනා රට හැම තැනම ප්‍රචලිත කිරීමෙන් අහිංසක බෞද්ධයන් මෙම මස්මාංස කන්නට තව තවත් නැඹුරු වන්නේ බුදුහාමුදුරුවොත් එය අනුමත කර තිබෙනවා. කියා ය. නමුත් ” මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා” යන්න වදන් හොදටම ඇති නේ ද? සියල්ල තෙරුම් ගන්න. දැන්  මොවුන් කියයි හරි බුදුරජානණ් වහන්සේ වඳාලේ නැහැනේ මස්මාංස නො කන්න කියා. දැන් ඉතින් කාට කියන්න ද? ඔබලා නො නවත්වා කා..තෘෂ්ණාවත් වැඩි කරගෙන නිවනත් දීර්ඝ කර ගන්න. නමුත් මේ සද්ධර්මය ප්‍රයෝජනයට ගන්න එපා ඔබලාගේ මේ තෘෂ්ණාව සාදාරණීකරනය කරගන්නට. අහිංසක මිනිසුන්වත් මේ රස්තෘෂ්නාවට යොමු කිරීමේ පාප කර්මය නො කරන්න කියා අප කරුණවෙන් ඉල්ල සිටිමු. සියල්ලෝ මෙය වටහා ගනිත් වා.එවිට අපට හදපත්ලෙන් යියළු සත්වයෝ නිදුක් වෙත් වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙතවා! දුකෙන් මිදෙත් වා! කියා මයිත්‍රී කරන්න පුළුවන්. ඒ තුලින් සියළු සතුනට අභය දානය පිනිස සියල්ලන්ගේ සිත් යොමු වී ප්‍රාණගාතය මෙලෝකෙන් තුරන් වේවා!..

Leave a Reply