Ven.Rerukane Chandawimala Thero
Information in this article is a translation from “ABIDARMAYE MULIKA KARUNU” by venerable Rerukane Chandawimala Mahathero who has gained a mass knowledge of Abhidamma as a Buddhist monk since the age of nine.
Unique simple language used by the author helped many people understand a deep philosophy with less effort.
Since this book only available in Sinhalese language, it has become a barrier for world to gain this knowledge. Therefore our intension is to share this knowledge with this translation.
7 comments
Skip to comment form
රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට දකින නෙතට සිතන සිතට ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි. උතුªම් ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නො හැකි ය. ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි විය යුතු ය. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රායෝගික කි‍්‍රයා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝ යි. උන් වහන්සේ ගේ අතින් ලියැවුණු දහම් පොත් හුඟක් අදත් මේ දිවයිනේ දහම් සොඬුන් අතර දහම් දෙසමින් වැඩ ම කරති.
වසර කිහිපයකට පෙර පොත් පිළිබඳව අප විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළිවූයේ වැඩි ම ප්‍රමාණයක් පළ වී තිබුණේ ද අලෙවි වී තිබුණේ ද බෞද්ධ පොත් බව ය..වැඩි දෛනෙක් කියවා තිබුණේ රේරුකානේ නාහිමියන් ගේ පොත් ය. බොහෝ ලේඛකයන් ගෙන් සිදු වන්නේ පැරැණි පොතක අඩංගු කරුණු අලුත් පොතකට ගැනීම පමණි. වෙනසක් ඇත්තේ වචනවල පමණි. රේරුකානේ හිමියන් ගේ පොත් පැරැණි පොත් වලින් ගත් කරුණුවලින් මෙන්ම සිය ප්‍රායෝගික අත්දැකීම් වලින් ද පිරී තිබිණ. ඒ පොත් ජනප්‍රිය ධර්ම දේශකයන් වහන්සේ මෙන් ම පාඨකයන් අතරට ද වැඩම කළේ ඒ නිසා ය. බණ්ඩාරගම ට නුදුරු රේරුකානේදී 1897 ජූලි 19 වැනිදා උපත ලැබූ රූබෙල් ගුණවර්ධන දරුවා සිය පියාණන් සමග හොරණ පොකුණුවිට බුරුම පන්සලට යාමට පුරුදු වී සිටියේය. එහි වැඩ විසූ විනයාලංකාර බුරුම නායක හාමුදුරුවෝ රුබෙල් ගේ පියාට පිනෙහි අනිශංස ගැන නිතර කීහ. ‘පුතේ මහණ වෙන්න කැමති නැද්ද’ යි පියා ඇසුවේය. රුබෙල් කැමති විය. අදට වසර 102 කට පෙර රූබෙල් තවත් 26 දෙනකු සමග පැවිදි වූයේ ය. ඔහුට චන්දවිමල යන නම ලැබිණ. රේරුකානේ චන්දවිමල පොඩි හාමුදුරුවෝ පැවිදි වී දෙවසරකට පසු සාමණේර විසිතුන් නමක් සමග බුරුමයට වැඩම කළහ. දෙවසරක් ගත වීමට පෙර උන්වහන්සේ බුරුම බසට හුරු වූහ. ගුරුවරයා අඳුරේ සිට අභිධර්මය උගන්වයි. ශිෂ්‍යයෝ ද අඳුරේ සිට කට පාඩමින් අභිධර්මය උගනිති. රේරුකානේ හිමියෝ අභිධර්මයත් භාවනා ක්‍රමත් මැනවින් හැදෑරූහ. දස වසරක්පුරා බුරුමයේ වැඩ සිටි උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වැනිදා බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලැබූහ. 1918 දී අප හිමියෝ ශ්‍රී ලංකාවට වැඩම කළහ. දස වසරක් මවුබිමෙන් පිටත විදේශයක වැඩ වුසූ උන් වහන්සේට සිංහල අමතකව තිබිණ. දෙමටගොඩ විශුද්ධාරාමයේ නතර වූ උන් වහන්සේ අරංගල සිරි ධම්ම හිමියන් ගෙන් සිංහල ඉගෙන ගත්හ. ඒ ආරාමයේ පැවැති අභිධර්ම පන්තිවල ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීමට අප හිමියනට සිදු විය. උන් වහන්සේගේ අභිධර්ම පාඩම් ජනප්‍රිය විය. ඒ ආරාමයේ වැඩ විසූ සිව් වසර තුළ උන් වහන්සේ මුළු ත්‍රිපිටකය ම හැදෑරූහ.
පසු කලෙක අප හිමියෝ පානදුර වැල්ලබඩ ආරාමයේ වැඩ විසූ සමයේ පොත් ලිවීම ගැන සිතූහ. ඒ බොහෝ දෙනා ගේ ආරාධනය පරිදි ය. ‘සරල බසින් ගැඹුරු දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේ ඒ බසින් ම ලියන්නට පටන් ගත්තොත් බෞද්ධ ජනතාවට විශාල සේවයක් වේවි’ ඒ ආරාධනය අනුව 1926 දී උන් වහන්සේ ගේ් මුල් ම පොත ‘නිර්වාණ විනිශ්චය’ නමින්දොරට වැඩියේ ය. ඉන් පසු උන්වහන්සේ පොකුණුවිට බුරුම පන්සලට වැඩම කළහ. එහි නාහිමියන් බවට පත් වූ උන් වහන්සේ මුළු ජීවිතය ම භාවනාවට ලිවීමට සහ අරමට පැමිණෙන අමුත්තන් ගේ දහම් ගැටලු විසඳීමට ගත කළහ. චතුරාර්ය සත්‍යය, විදර්ශනා භාවනා ක්‍රමය, බෞද්ධයාගේ අත්පොත, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, පාරමිතා ප්‍රකරණය, බෝධි පාක්ෂික ධර්ම විස්තරය, මංගල ධර්ම විස්තරය, පටිච්ච සමුප්පාද විවරණය, බුද්ධනීති සංග්‍රහය, අභිධර්මයේ මූලික කරුණු, අනුවාද සහිත අභිධර්ම සංග්‍රහය, පට්ඨාන මහා ප්රකරණ සන්නස, පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය, විනය කර්ම පොත, අභිධර්ම මාර්ගය, සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති ධර්ම විනිශ්චය, ශාසනාවතරණය, ප්රණ්යෙ¤පදේශය, සුවිසි මහා ගුණය, පොහොය දිනය, උපසම්පදා ශීලය, චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව, කෙලෙස් එක්දහස් පන්සියය, බෝධි පූජාව, නිර්වාණ විනිශ්චය, හා පුනරුත්පත්ති ක්‍රමය, උභය ප්රාතිමෝක්ෂය, යන දහම් පොත් සැදැහැවතුන් ගේ ආධාර සහිතව මුද්‍රණය වී රටට ගලා ගියේය. පොකුණුවිට ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මේ පොත් නොකඩවා පළ කරති. පාඨකයනට අඩු මිලට සපයති. ඒ මණ්ඩලය සිදු කරන මෙහෙය ධර්ම කාමීන් ගේ ප්‍රසාදයට හේතු වෙයි. ආදර්ශවත් උත්තම ජීවිතයක් ගෙවූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත, ප්‍රවචන ෂශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී, මහාචාර්ය රේරුකානේ චන්දවිමල අප ආචාර්යපාදයන් වහන්සේ 1997 ජුලි 04 වැනිදා අපවත් වී වදාළහ. උන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ලියු පොත් අදත් අපට දහම් දෙස යි.
Usually im searching for buddhist articles in internet, when ever i have free time . first book i read here in kuwait given by my friend is, pattichcha samupada wiwaranaya, written by ven.rerukane chandawimala. which made me a real buddhist. i still have that book, even reading again & again and trying to understand. now im happy being a biddhist, since i came to know the realty and the depth of Gauthama Budunge dharmaya. and im my kind requets to all our srilankan who lives in kuwait or arab countries. read and practice the dharmaya of our gauthama Budun. may tripple jem bless you all.
Who ever you are, the service you are providing through this website is immeasurable. May you attain nirvana.
Author
Sadhu.!…Sadhu..!..Sadhu..!
I LIKE TO READ RERUKANE CHNADAWIMALA THERO BOOKS .WHICH GIVES REAL BUDDHIST WHEN I HAVE FREE TIME I ALWAYS TRYING TO READ RERUKANE CHANDAWIMALA THERO ARTICLE REGARDING BUDDHISHAM. I NEED TO KNOW ALL BOOKS THAT RERUKANE THERO WROTE.IF YOU CAN PLEASE SEND ME MAIL REGARDING THAT.
Author
http://www.dhammikaweb.com/?cat=42
i like to learn abidarmaya and pali pleace help me
dalada samidu phitai