Vepulla Pabbatha Suttraya – Sanyuktha Nikaya

Vepulla_Gijjhakutaවේපුල්ල පබ්බත සුත්‍රය,අනමතග්ග සංයුක්තය-සංයුක්ත නිකාය

අප මේ ජීවත්වන ත්‍රිමාණ බෞතිකයෙන් එහා ක්‍රියාවන් සෙමෙන් සිදුවන ලෝක අනාවරනය කිරීමට තරම් අපගේ බුද්ධිය පුලුල්වී නොතිබුනද,එවන් පද්ධතීන්  පවතින බව බුද්ධ දේශනාවල සදහන්වේ. ඒ මත පිහිටා ඒ තුලින් අත්විදිය හැකි දෑ පිළිබදව මොහොතක් හිතමු. මෙවන් ලෝක තුල ජීවත් වන සත්වයින්ගේ අයුෂ බොහෝ දීර්ඝ වනු ඇත.ජීව ක්‍රියා,පරමාණුක ක්‍රියා ඇතුලු සියලු ක්‍රියාකාරකම් සෙමෙන් සිදුවීම තුලින් මෙවන් ලෝක ආශ්‍රිතව සිදුවන සියලු ක්ෂයවීම් සහ ආයුෂ ගතවීමේ ක්‍රියාවන් සෙමෙන් සිදුවනු ඇත.

එනම් එක් එක් ලෝකයට සාපේක්ෂව කාලය ගතවීමේ වේගය ද වෙනස් වන බැවින්,එක් එක් ලෝක වල සත්වයන්ගේ ආයුෂ මෙන්ම සියලුම බෞතික වස්තූන්ගේ පැවැත්මේ කාලයද ඒ ඒ ලෝකවලට සාපේක්ෂව වෙනස් වනු ඇත. එහෙත් සිය අභිඥා බලය යොදා ගනිමින් විශ්වය ඇතැඹුළක් සේ නිරීක්ෂනය කළ අප බුදුරජානණ්වහන්සේ විශ්වයේ පවත්නා මෙවන් දේ පිළිබදව දේශනා කොට වදාරා ඇති බව මෙවන් සුත්‍ර පරිශිලනය කිරීමේදී හෙලිවෙයි. මෙම සුත්‍රයට අනුව මිනිසුන්ගේ ආයුෂ 40,000 ව තිබූ කාලයේ මිනිසුන් දින 8කින් පර්වතයකට නැග, නැවත බැසීමටද, ආයුෂ 30,000 කාලයේදී දින 6ක්ද, ආයුෂ 20,000 කාලයේදී දින 4ක්ද, අවසානයේ අප ගෞතම බුදුරජානණ්වහන්සේගේ කාලයේදි මොහොතින් නැග,මොහොතින් බසිති. (සැ:යු මේ ආයුෂ ගණනයේ දී දින 365 යනු වර්ෂ එකයි ලෙස සැලකීමට නො හැකිය. මෙහිදී සැලකිය යුත්තේ ගෞතම බුදුන්ගේ සමය ට වඩා අනෙක් බුදුවරුන්ගේ සමයේ ආයුෂ වැඩිව තිබූ බවයි.)

සාපේක්ෂතාවාදයට අනුව ගත්කල, විශාල ගුරුතව ක්ෂේත්‍ර මතදී සියලුම කාල ක්‍රියාවන් මන්දනයවේ.අඩු ගුරුත්ව ක්ෂේත්‍ර මතදී කාලය වැඩිපුර ගතවේ.ඒ අතරේ මිනිසා තුල අකුසල් ධර්ම වැඩිවනවිට ආයුෂ පිරිහීමත්, කුසල ධර්ම මිනිසා තුල වැඩිදියුණු වීමේදී ආයුෂ වැඩිවීමත් සිදුවේ.අවසාන වශයෙන් මෙම සුත්‍රය විග්‍රහ කිරීමේදී ඔබට තවත් පැතිකඩක් මේ තුලින් මතුකරගත හැකිවේ. එනම් මේ වන තුරු නවීන විද්‍යාව ස්පර්ශ නොකලාවූ විද්‍යාත්මක වපසරියක් නිරාවරණය වීමයි.

Sutta Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3638

4 comments

Skip to comment form

    • Shaggy on October 28, 2011 at 6:14 am
    • Reply

    The Buddhism is not only a Religion. It’s all about science… 

    1. Modern science will not be able to come even closer to Buddhism. science can only suggest a truth, but can never claim a truth.

      Buddhism is more scientific than modern science. Like science, Buddhism is based on verifiable cause-and-effect relationships. But unlike science, Buddhism challenges with thoroughness every belief. The famous Kalama Sutta of Buddhism states that one cannot believe fully in “what one is taught, tradition, hearsay, scripture, logic, inference, appearance, agreement with established opinion, the seeming competence of a teacher, or even in one’s own teacher”. How many scientists are as rigorous in their thinking as this? Buddhism challenges everything, including logic.

    • Sanjaya on November 26, 2017 at 8:55 pm
    • Reply

    Also, I read in a book written by Renukane Chandawimala Thero that, App, Thejo, Wayo and Patavi Dhatus are much more smaller and delicate particles than the smallest particle that we know today in science. These particle are the ones that gives the apo thejo …qualities to the material. In that sense Lord Buddha has explained everything in the universe.

    1. Not only Rerukane thero, many Ven monks has explained these Buddha’s sutta. Science needs Buddhism towards understanding these changing world.

Leave a Reply