Keles Ekdahas Pansiyaya – Ven Rerukane Chandawimala Thero

keles-ekdahas-pansiyyaකෙලෙස් එක්දහස් පන්සියය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

අපෙන් සිදු වන පව් බොහෝමයක් කරන-කියන පව්කම් වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්‍රමාණය ද වැඩිවිය හැකිය.

ලෝභ, දෝස, මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චයිතසික කීපයක් විවිධ ආකාරවලින් මතු වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.   

එකම වස්තුවක් එක පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වෙනස් ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙනස් පෙනීමක් ඇතිවිය හැකි ය. එසේම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූපයේ ද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකි ය.

කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගනණ් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසා ය. මේ තත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලී-නො ගැටී ජීවත් වීමට එයම ප්‍රමාණවත් වේ. 

Download


.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3496

Leave a Reply