Ani Sutta – 20. Opamma-samyutta, Samyutta Nikaya

7.ආණිසුත්තං 9.ඔපම්‌මසංයුත්‌තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

.…….එවමෙව ඛො, භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං, යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතප්පටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසිස්සන්ති න සොතං ඔදහිස්සන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති

‘‘යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්‍යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං, භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතප්පටිසංයුත්තානං අන්තරධානං භවිස්සති…….

** ආසන්න වශයෙන් සිංහල තේරුම:- …….“මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”

> සම්පූර්ණ සූත්‍රය පාලියෙන් කියවීමට
> පාලි/සිංහල-ආසන්න වශයෙන් තේර්ම සහිතව කියවීමට

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21036

Leave a Reply