Nirapekshathwaye Maga’s False Dhamma | නිරපේක්ෂත්වයේ මගේ වැරදි දහම

කුන්ඩලණී ශක්තීන් ගැන කථා කළ හැකි ද? බුදුදහම තුල එසේ නම් එය බුදුදහම නො වේ.

අප දැක්කා දැන් ශ්‍රී ලංකාවේ අරමුණක් ඔස්සේ, ශීලය පෙරදැරි කරගෙන, ශීල, සමාධි ප්‍රඥ්ඤා මාර්ගයේ බුද්ධ වචනයට අනුව සිදුකරගෙන යන බෞද්ධ භාවනා ඇතුලට කිසිම අරමුණක් නැතිව කරගෙන යන යෝගී භාවනා ක්‍රම, කුන්ඩලණී ශක්තීන්, වැනි බුදුදහමේ නැති ක්‍රම බුදුදහමට ඇතුල් කිරීමට දරන තැතක්. තම තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා. එයින් ඔවුන් යම් පස්සදී ගුණයක් ලබන වා නමුත් බෞද්ධ භාවනා අසලකටවත් එන්න බැහැ ඒ භාවනා වලට.මොකද ශීලයක් නො මැති තැන මොන සම්මා සමාධියක් ද? අපේ අය මේ කුන්ඩලණී ශක්තිය අවධි කරගන්න දගලන්නේ බුදුදහමේ හරයට පයින් ගහල. අද ලෝකේ ප්‍රචලිත භාවනාවක් වන “සිත ඉක්මවා ගිය භාවනාවක්” (technique is relatively simple. One sits comfortably, closes his or her eyes, and repeats a mantra ) ……In this concept there is no explanation about the seela, just do what ever you like in your day to day life & when ever possible close your eyes….. ලෙසට නම් කරල තියෙන භාවනාවේ තියෙන දේවල් තමා මේ අය මේ මැජික් සන්දර්ශන වගේ පෙන්වන්නේ. ඔය කුන්ඩලණී ශක්තීන් ගැන කතා කරන පැවිදි, ගිහි පිරිස් දන්නවා නේ ශරීරයේ ශක්තීන් අවධි වීම ගැන මූලාදාර ට පස්සේ තියෙන්නේ කුමක් ද කියා??? ඔවුන් දන්නවා ඇති. තව කාලයක් යන විට දේවදාසීන් වුනත් අපේ අය අනුමත කරගයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කුන්ඩලණී ශක්තීන් ගැන ප්‍රකාශ නො කලේ. සීලයක් නොමැති තැනක මේ ශක්තීන් අවධි වීමෙන් කුමක් ද වන්නේ? සිතන්න කල්පනා කරල වෙන්න යන විනාශය. මේ විකාර භාවනා බුදුදහමට ගේන්න කලින්. බුදුදහමේ හරයවත් හරිහැටි හඳුනාගෙන නැතිව මේ කරන්නේ තමාගේ ගෙල තමා සිඳගන්න කලින් තවත් කීපදෙනෙකුත් මේකට හවුල් කරගැනීමක්. එදේව මේසො පුරිසෝ , මූලන්කනති අත්ත නෝ.

බෞද්ධ භික්ෂුවක් වේවා, ගිහියෙක් වේවා, අප මතක තියාගත යුතු දෙයක් තිබේ. එනම් එදා බුද්ධත්වය පිණිස බෝධිමූලේ අසුන් ගත්තේ නිකම් ම නිකන් සිද්ධාර්ථ කුමාරයෙක් නොවේ ඔය කුන්ඩලනී ශක්තීන් අභිබවා ගිය ශක්තියක් තිබුනු එදා කිසිම යෝගියෙකුට නො දෙවෙනි බලයක් තිබුණු උත්තම පුරුෂයෙක්. 

>> බුදුරජාණන් වහන්සේ එම ශක්තීන් කිසිම විටක අපට පෙන්වා නො දුන්නේ කුමක් නිසා ද? 

>>>මේ කුන්ඩලණී ශක්තීන් ගැන කියන ගිහියෙක් වේවා, සංඝයා වහන්සේ නමක් වේවා උත්තර දිය හැකි ද? කොතන ද බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කොට වදාළේ? 

>> කොතන ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භාවනා කරනගෙන යන විට කුන්ඩලණී අවධි වන කථාවල්?

>> කුන්ඩලණී ශක්තිය හදුනාගත යුතු යි, භාවනා කරනකොට එන වේදනා හදුනා ගතයුතු බව, එම ස්ථාන වලට පහර ගැසිය යුතු බව, නාඩි බ්ලොක් වෙන කතාවල් බුදුරජාණන් වහන්සේ කොතන ද ප්‍රකාශ කොට වදාළේ?

බෞද්ධ භාවනාවන් මෙන් නොව අනෙක් භාවනා යම් අරමුණක් ඔස්සේ, සිදුවුනු භාවනාවල් නො වේ (බොහෝවිට ඔවුන් භාවිතා කලේ යම් ශබ්ධයක් එනම් “ඕම්” වැනි අරමුණක් නැති දෙයක් ඔස්සේ ඔවුන් භාවනා කරන්නේ ). මෙය බුද්ධ වචනය නොවේ. බුද්ධ වචනය යටපත් කිරීමක් බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් සංගයා වහන්සේලා බුද්ධ වචනයයි පෙන්වා දිය යුත්තේ. යෝගී දේශනා නොවේ. කොහොමත් සමහරක් අපේ අය දක්ෂයිනේ වරදේ නිවැරදි බව දකින්න, කියන්න, මත ප්‍රකාශ කරන්න. ඔවුන්ට අමතක වෙන වා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්‍ය සොයාගෙන අවසන් බව, ඔවුනුත් සත්‍ය හොයනවා. ඒ ගමන්, මෙන්න මග කියා බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වචනය පවා, සූත්‍ර පෙන්වමින් තර්කයට භාජනය කරමින්, ලෝකේ පුරා යන වා. මෙය මහා පරිහානියක්.

බුදුදහම සහ ඉන්ජිනේරු දැණුම එසේත් නැත්නම් නවීන විද්‍යාව කියන්නේ දෙකක් මිස එකක් නොවේ. බුදුදහමට නවීන විද්‍යාව අවශ‍ය වන්නේ නැත. නමුත් නවීන විද්‍යාවට බුදුදහමෙන් ඉගෙන ගතයුතු දේවල් බොහෝමයි. ඒකයි එදා ඇලබට් අයින්ස්ටයින් විද්‍යාඥ්ඤයා කිවේ එයා කියපු දේවලින් ඔබ්බට තියෙන්නේ බුදුදහමේ කියා. බුදුදහම ගැන කතාකරන්න බටහිර ආකල්ප අනුව ඉගෙනගෙන තිබෙන ඔලුගෙඩි වලින් මිදෙන්න වෙන වා. බටහිර ජාතීන් ඔවුනගේ විද්‍යාවෙන් එයින් පල නෙලාගත්තත් අපේ ජාතියේ අය එවා ඉගෙන ගෙන බුදුදහමට ඈදන්න හදන වා.

ආයේ මේ කුමන කතා ද මේ සූත්‍රයෙන් ( අස්සජි සූත්‍රය – 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය). බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට ධ්‍යාන මට්ටම් ගැන වදාළා. ..ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි……….http://www.dhammikaweb.com/?p=20792

බලන්න පහත වීඩියෝව බුද්ධ වචනය විනාශ කරගෙන යන අන්දම වටහා ගන්න. මෙවැනි අපරාධ නො කල යුතුයි මේ තථාගත දහමට. බලන්න අහිංසක මිනිසුන් බුදුදහමෙන් එලියේ තිබෙන බමුණු භාවනා ක්‍රම වලට ගෙන යන්න දගලන වෑයම. මොනතරම් විනාශයක් ද මේක. 

අනික බමුණු භාවනා පැත්තෙන් ගත්තත් කුන්ඩලණී කියන ශක්තිය කියන්නේ කුමක් ද කියලාවත් හඳුනා ගෙන නැති ආකරය හොඳින් වැටහෙන වා මේ වීඩියෝව නැරඹුවම. තමනුත් අනාථ වෙලා, තවත් අයත් අනාථ කරමින්, බුද්ධ වචනයත් විනාශ කරමින් යන මේ ගමන සතර අපායෙන් අවසන් වනබව නම් ස්ථීරයි.

නිරපෙක්ෂත්වයේ මග නමින් කෙරෙන දහම් විකුර්තිය හදුනා ගනිමු. මෙහිදී අනත්ත හා අනත්ථ යනු වචන දෙකක් බවත් ඒවා යෙදෙන ආකාර ගැනත් දැනුවත් කෙරේ.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21029

1 comments

  1. Vishva Dilan
    ඔබ දහමේ වැරදි තැනින් අල්ලාගෙන හැඩයි. ඒ ස්වාමින්වහන්සේගේ බන නොඅසපු කෙනෙක් ඔය කුන්ඩලි tap කථා මුලින් ඇහුවම විකුර්තියක් වගේ පෙනේ. බුදුදහමේ නියම හරය ආස්වාද ආදීනව නිස්සරණ ගැන පෙන්වන දේශනා අහන්න එතකොට ගතයුත්ත ගනී බැහැරකලයුත්ත බැහැර කරගැනී

    Vishva Dilan ඔබ, මා ගත යුත්තේ බුදුන් දෙසූ දහම බව පිළිගන්නම වෙනවා. ඔබට එයට එකග වෙන්න විශ්ව මහතානෙනි, ඊලගට ඔබ අසා ඇති කියා සිතනවා බුදුරජාණන් වහන්සේ දෙසූ දහමේ මුලත්, මැදත්, අගත් යහපත් බව. උන්වහන්සේගේ දේශනාවන් හැම එකක් ම දානකථා, ශීලකථා සහ ස්වර්ගකථා අනුවයි දේශනා කොට වදාලේ එතකොට බලන්න ඔය අභය දේශනා වල ඔන්න ඔය දේශනා විලාශය තිබෙනවා ද කියා මුලින් ම. එය නැත.

    විශ්ව මහතා ඔබ කියනවා කෙලින්ම මෙසේ “ඔය කුන්ඩලි tap කථා මුලින් ඇහුවම විකුර්තියක් වගේ පෙනේ “කියා, එම නිසා බලන්න අභයදේශනා වල මුලම අයහපත් ඉතින් කෙසේ මැද සහ අග යහපත් වෙන්න ද? මෙය බුද්ධ වචනයට කෙලින්ම විරුද්දයි. ඔබතුමා ධර්මය විනයට ඔය කුන්ඩලණී කතා දමා බලන්න. බුද්ධ වචනයට විරුද්ද නම් මොන අභයදහම් වුනත් දාන්න කුනුකූඩයට. නැත්නම් ඔබ සසරේ අතරමං වනු ඇත. මා ඉහතන් සඳහන් කර ඇති සියලු අදහස් බුද්ධ වචනය ගෙන, සූත්‍ර ඉදිරියට ගෙන අභයදහම් සාවද්‍ය මිත්‍යාදෘෂ්ටීන් 62ට වැටෙන බව පෙනවා ඇත. “එය වැරදි නම් බුද්ධ වචනයට අනුවම මා වැරදි බව පෙන්වා දිය යුතු වෙනවා” පව් පුරවා ගන්නේ නැතිව. මා එසේ කියන්නේ බුදුදහමේ තමතමන්ට හිතෙන හිතලු, සිහිනලෝකේ දකින මනස්ගාත, බඩයන කතාවල්, කුන්ඩලනී කථාවල්, බෝල කතාවල්, ගණිත පංති කථාවල් කියන්න අයිතියක් නැහැ සිවුරක් පොරවගත්තට පසු. සිවුර අයිති බුදුරජානණ් වහන්සේට මිසක් සංඝයාවහසේලාට නොවේ. බලන්න විනය පිටකය කියවලා බුදුහාමුදුරුවන් පනවා ඇති විනය නීති මේ ධර්මදේශනා කිරීමේදී ස්වාමීන් වහන්සේලා. අද වැඩි පිරිසක් ස්වාමීන් වහන්සේලා මේවා උල්ලංගනය කරවා. බුදුදහම අමු අමුවේ විකුර්ති කරනවා නිරපේක්ෂත්වයේ මග ඇතුලු බොහෝමයක් මගවල් අපගේ අදහස් දැක්වීම අවසන්// . හිස මුඩු කොට තිබීමෙන් ම පැවිද්දෙක් නො වේ. සිල් නැති බොරු කියන ඉච්ඡා – ලෝභ දෙකින් යුත් තැනැත්තා කෙසේ ශ්‍රමණයෙක් වේ ද?

    යමෙකුට දැන දැන බොරු කීමේ ලැජ්ජාව නැති ද, ඔහුගේ මහණකමත් මෙසේ ම අහක දමන ලද්දකැ” යි……… වදාළ සේක. http://www.dhammikaweb.com/?p=20467

Leave a Reply