Duruthu Full Moon Pohoya Day – 01/01/2018

දුරුතු පුර පසළොස්වක පොහෝ දින- බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය 

The important significance of Duruthu Full Moon Poya Day, marks Gautama Buddha’s first visit to Sri Lanka. Twenty-five centuries back, nine months after his Enlightenment, the blessed one visited Mahiyangana, in the Uva Province of Sri Lanka. His mission was to restore peace, to create a state of freedom from war or violence. The old chronicle Mahavamsa records and states “To free the beautiful land from the evil doing Yakkas”. On his first visit to Sri Lanka, the awakened one, arrived at a spot, where now stand the Mahiyangana stupa.

When the great teacher – the Buddha was to depart after the conversion of the Yakkas of Bintenna, Mahiyangana area, for which purpose he had arrived, Sumana – a titular deity who posses a certain title or position but no real authority of this region, requested the Buddha to give him – Diety Sumana, a souvenir to which he could pay his offerings and homage. Thereupon, the Gautama Buddha, the Great Master, offered Deity Sumana, some locks of his hair. He placed it in an urn as a valuable Relic in the Mahiyangana Stupa. Read more

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ. දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක. ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි….

මුල් කාලයේ දී ලක්දිව බුදු සසුනේ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සැලකිය හැකි බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබා ගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි…..

Read more…

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21001

Leave a Reply