Nibbāna -The Mind Stilled (02) – Ven Kaṭukurunde Ñāṇananda Thero

“නිවනෙහි පරමාර්ථය කුමක් ද?…නිවන කුමක් සදහා ද?  

කියන ප්‍රශ්න නො ගැලපෙන්නේ කුමක් නිසා ද? – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

මෙම දේශනා මාලාව පැවැත්වීමේදී අප අනුගමනය කළ විවරණ මාර්‍ගය අනුව හේතුසාධක වශයෙන් පෙළ අටුවා ආදියෙන් කොතෙකුත් උඩෘත පාඨ ගෙනහැර දැක්වීමට සිදුවිය. ඒ අනුව එක්තරා බුද්ධිගෝචර රටාවක් මෙහි දැකිය හැකි නමුදු අප පරමාර්ථය වූයේ සද්ධර්මයේ සජීව ප්‍රායෝගික පක්‍ෂය ඉස්මතු කර දීමමය. ඇතැම් විට හුදු බුද්ධිවාදයක අතරමං වී සිටින උගතුන් කිසියම් ධර්මප්‍රබෝධයක් තුළින් ප්‍රතිපදාව වෙතට යොමුකරවා ගැනීමට මේ විවරණ මාර්ගය උපකාරවත් විය හැකිය……

…….……සෝවහන් පුද්ගලයා පිළිබඳව කොහොම ද? …..සාමාන්‍ය විශ්වාසය හැටියට සෝවහන් පුද්ගලයා නිවන දකින්නේ හරියට අර වංගු සහිත පාරක එකපාරටම වංගුවකින් හැරෙනකොට ඈතින් පෙනෙන පහන් එළියක් සේ නිවන දකින බවක් යම් කෙනෙක් සිතන්න ඉඩ තියෙන වා. නමුත් ධර්මානූකූලව කල්පනා කරල බලනව නම් ආනන්තරික ධර්මථාව මේ ප්‍රථම මාර්ඥඤාණයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්වෙන වා සමහරවිට සෝවහන් ඵලය ලබන පුද්ගලයා ඉතාම දිළින්දෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, සත්හැවිරිදි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පලමු වරට ධර්මය අසන කෙනෙක් වුනොත්, ඒ තැනැත්තා සෝවහන් වුනාම පුදුම අන්දමේ උපපදමාලාවක් ධර්මයේ යෙදිල තියෙන වා. දිට්ඨධම්මෝ, පත්තධම්මෝ, විදිතධම්මෝ, පරියොගාළහධම්මෝ …. යනා දී වශයෙන්……..මෙහි ..දිඨ්ඨ ධම්ම ගතහොත්, එම තැනැත්තා නිවන දුටුවා පමණක් ම නොවේ, පත්ථ ධම්මෝ – නිවනට පැමිණියා , එපමණකුත් නොවෙයි විදිතධම්මෝ-නිවන තේරුම් ගත්ත, පරියොගාළහධම්මෝ-නිවනට බැස ගත්ත, තිණ්ණවිචිකිච්ඡා-දෙගිඩියාවෙන් එතෙර වුනා, …..

 

Download

ධර්ම දේශනාවට පාදක වුනු සූත්‍රයන්

2. රට්ඨපාල සූත්‍රය – 4. රාජ වර්ගය, මජ්ඣිමපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

6. අච්ඡරා සූත්‍රය – 5. ආදිත්තවග්ගො, 1. දෙවතාසංයුත්තං, සගාථාවග්ගපාළි, සංයුත්තනිකාය

……..

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20920

Leave a Reply