Many Mansions – Edgar Cayce – Sinhala Translation

සංසාර මන්දිරය නොහොත් ඇමෙරිකානු දිවැසින් දුටු කර්මය සහ පුනර්භවය – කන්නිමහර සුමංගල හිමි

බෞතික විද්‍යාවන් ගුරුකොට ගන්නා නවීන මිනිසා පැරණි ආගම් වල එන කර්ම විපාක විස්තර ඒ අයුරින් ම පිළිගැනීමට මැලිවෙයි. අද සිටින බෞද්ධ දරුවන් පවා ඔවුන්ගේ ගුරු දෙමාපියන් පිළිගන්නා තරමට පරලොවත් කර්ම විපාකත් පිළිගැනීමට සූදානම් නැත.

මේ පොතෙහි වටිනාකම ඇත්තේ ඔවුනට පවා බොහෝ දුරට ඒත්තු යන අයුරින් පුනර්ජන්මවාදයත්, කර්මවාදයත් ඉදිරිපත් කිරීම තිබීමය. මගේ විශ්වාසයට අනුව මේ වාද දෙක මහජනයාව ඒත්තු යන අයුරින් ඉදිරිපත් කිරීම මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි කරුණාව ඇත්තකුගෙන් ඉටුවිය යුතු සේවයෙකි. හැකිනම් සත්වයෙකුට මෙලොව දී පැමිණෙන දුක් පමණක් නොව පරලොව දී පැමිණෙන්න ට ඇති දුක් ද ඉවත් කළ යුතු ය. මිත්‍යාදෘෂ්ඨි ඇත්තෝ දෘෂ්ඨි නිසා ම වැඩියෙන් පව් කොට වැඩියෙන් දුක් ලබති.  

මේ පොතෙන් විද්‍යාව ගුරුකොට ගත් නවීන ලෝකයට ගැලපෙන අයුරින් පවට හේතු වන මිත්‍යදෘෂ්ඨි රාශියකට පහර වදී. දැනට විද්‍යාව ඒක පාක්ෂික වී ඇති බව පෙනේ. මේ පොතෙන් නවීන විද්‍යාව සම්පූර්ණ කරගත හැකි බව පෙන්වා දෙනු ලැබේ…..

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20871

Leave a Reply