Weliwita Sri Saranankara Thero – 19 June 1698 – 18 July 1778

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ

සංස්කෘතියෙහි සහ ශාසනයෙහි වල් බිහි වී විනාශ වූ අවදියක ඒවා හෙළි පෙහෙළි කළ හිමිවරුන් අදටත් අපට වාසනාවකි.

ඒ ගැන තවදුරටත් කියනවා නම් පනස් වසරක් මුළුල්ලේ නැතිවී තිබූ උපසම්පදාව යළි පිහිටුවීමටත් ශාසනයටත් සමස්ත රටටත් විශිෂ්ට සේවාවක් කොට මුළු ලක්දිවම ආලෝකවත් කළ සංඝරාජ හිමිනමක් ගැන මේ සටහන තුළින් කියැවේ. ඒ අන් කිසි කෙනෙක් නොව අසරණ සරණ සංඝරාජ හිමියෝය.

1698 දී පොසොන් මස දිනක කුලතුංග මුදලිට දාව උපන් මෙම කුමරු කුලතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නම් විය. මේ වකවානුව තුළ බුදු සසුන බොහෝ සෙයින් පිරිහීමට ලක්ව තිබිණ.

එසේම එම කාල පරිච්ඡේදය ලක්දිව පාතුගීසි ආධිපත්තියට පත් කාලයක් විය.

මේ කාලයේ බුද්ධ ශාසනය පිරිහීමට පත්ව භික්ෂූන් වහන්සේ ද සොයාගැනීමට නොහැකි තත්වයකට පත් විය.

එකල පිරිහී තිබූ බෞද්ධ සිරිත් විරිත් ආදිය නැවත බෞද්ධ ජනයාට පුරුදු පුහුණු කරන්නට සරණංකර සාමණේරයන් විශේෂයෙන් උනන්දු විය. සිල්වත් සමාගම උපයෝගි කොට ගෙන බෞද්ධ කුල සිරිත් විරිත් පුරුදු කරන්නට විය.මේ ආකාරයට පිරිහී තිබු බුදු සසුන නගා සිටුවීමට හැකි විය. සරණංකර සාමණේරයෝ තමන්ගේ ඇති දක්‍ෂතාවයන් නොයෙක් අවස්ථාවල දී පෙන්වූහ.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20834

Leave a Reply