Sansaraya – Patticca Samuppadaya Deshana (20) – Ven Kaṭukurunde Ñāṇananda Thero

sasara“සංසාරය” – පටිච්චසමුප්පාද දේශනා (20) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගත්ත පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය වර්තමානය තුලම සංසාර ගැටලුවට විසදුමක් ඉදිරිපත් කිරීම යි. එතෙක් ලෝකයේ පහල වුනු අන්‍යාගම් සාතෘවරු අතීතයත්, අනාගතයත් තරකයෙන් ගැටලමින් මේ සංසාර ගැටලුවට විසදුමක් සෙව්වා……

.

අපි මේ 20 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ 8.හෙමක සූත්‍රය යි (හෙමකමාණවපුච්‌ඡා) – 5. පාරායනවග්‌ගො, සුත්‌තනිපාතපාළි,ඛුද්‌දකනිකාය. යම් කෙනෙක් මට මේ ගෞතම සාසනයෙන් පිට යම් ධර්මයක් කියාදුන්න ද, ඔවුන් කීවේ මෙසේ විය, මෙසේ වන්නේ කියල යි. නමුත් ඒවා තර්ක වඩන කථාවල්. මම ඒවා ගැන සතුටු වුනේ නැහැ. මුණිවරයාණෙ නි, ඔබවහන්සේ මට තන්හාව විනාශ කරන ධර්මය කියා දෙනු මැනවි. ඒ ධර්මය තේරුම් අරගෙන සතිමත් ව හැසිරෙන්නේ ය. ලෝකයේ ඇලෙන සුළු තන්හාවෙන් එතෙර වන්නේ ය.

හෙමක, මේ ලෝකයේ ප්‍රිය ස්වරූපය ඇති දුටුව, ඇසුන, දැණුන,දැනගත් හැම දෙයක් කෙරෙහිම චන්දරාග දුරු කිරීම ගිලිහීම යනු නිවන් තත්වය යි.
 
විශුද්ධි මාරගයේ දැක්වෙන දැනට සම්මත, පටිච්චසමුප්පාද ධර්ම විවරනයට අනුව,  අංග දොලහෙන් අවිජ්ජා, සංඛාර දෙක අතීතයට අයත් හැටියටත්, ජාති,ජරා,මරණ කියන අංග දෙක අනාගතයට අයිති හැටියටත්, ඊලගට විඥ්ඤාණ, නාමරූප, සලායතන,පස්ස,වේදනා,තන්හා,උපාදාන, භව කියන අංග අට(8) වර්තමානයට අයිති හැටියට ත් දැක්වෙන වා. ඉතින් ඒ විවරණය, ඒ මතය අපි පිළිගතහොත්, අර හෙමක මානවකයා අනෙක් ආගම් දර්ශනය ගැන කියාපු මෙසේ විය, මෙසේ වන්නේ ය කියපු චෝදනාව අපේ ධර්මයටත් එල්ල වෙන වා. 

නමුත් මේ ධර්මය මෙසේ මෙසේ ධර්මයක්ව ත්, එසේ මෙසේ ධර්මයක්ව ත් නොවේ.මේ කියාපු භව තුනේ විග්‍රහය ඔප්පු කරන්න, විශුද්ධි මාර්ගයේ කතෘ – බුද්ධගෝස හිමි විසි අකාරයේ පටිච්චසමුප්පාද විස්තරයක් ඉදිරිපත් කරන වා. පහේ ගොඩවල්……. 

මෙන්න මේ විශුද්ධි මාර්ගයේ විග්‍රහය තුලින් පටිච්චසමුප්පාද අංග දොලහ අතර තියෙන ඉදප්පච්චතා කියන ඒ පුදුම සම්බන්ඳතාව පලුදු වෙන වා.….අද සම්මත වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පිරිසිදු වූ බුද්ධ වචනය ද කියා තේරුම් ගැනීම ට මෙම දේශනාව ඔබට උපකාර වේවා! 

 

Download

Sourceseeing through the net

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20528

Leave a Reply