Shasanawatharanaya – Ven Rerukane Chandawimala Thero

shasanawatharanayaශාසනාවතරණය

පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ සාසනයට අවතීර්ණ වන්නා වූ කුල පුත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකිය යුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැති ව, ඔවුන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව, නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ ද, සාමණේර ශීලය සහ සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූ ද, ශාසනෝදයකාමී මහාස්ථවිරයන් වහන්සේලා කීප නමක් ම “සාමණේර ප්‍රතිපදාව” විස්තර කරන ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙසට අපට ආරාධනා කළහ. 

පැවිද්ද වනාහි ශාසනයට බැසගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැලි රැවුල් ඉවත් කොට ගිහි ඇදුම් පැළදුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීමක් පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ.

කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් කළ නො හැකිය. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙලවර කරති. කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් – සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය. ගිහි සිත ඇත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20141

1 comment

2 pings

    • Gamunu on January 19, 2019 at 2:08 am
    • Reply

    thanks for sharing.

  1. […] ශාසනාවතරණය […]

  2. […] ශාසනාවතරණය […]

Leave a Reply