Upadanaya – Patticca Samuppadaya Deshana (18) – Ven Kaṭukurunde Ñāṇananda Thero

Upadanaya“උපාදානය” – පටිච්චසමුප්පාද දේශනා (18) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

සසර පැවැත්මේ රහස එළිකර ගැනීමට ඈත අතීතයේ පටන් ම නොයෙකුත් ආගම් සාස්තෘවරු නො යෙකුත් දෘෂ්ඨි මතවාද ඉදිරිපත් කළා.. පැවැත්මේ මූලික හේතුව දෙවියන්ට, බ්‍රහමයින්ට පවරා දීමට පවා ඇතැම් සාස්තෘවරු උත්සාහ දැරුවා. ඒ සියලු ද්‍රෂ්ඨි මතවාද ප්‍රතික්ෂේප කරමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හෙලිකර වදාළ පටිච්චසමුප්පාද ධර්මයට අනුව  පැවැත්මේ මූලික හේතුව “උපාදානය” යි.

ඒ බව පැහැදිලිව ප්‍රකාශ කෙරෙන ගාථා දෙකකු යි අද අපි මේ 18 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකා හැටියට තෝරා ගත්තේ. අපේ පටිච්චසමුප්පාද දේශනා කීපයකට ම මාතෘකාව සපයා දුන්න 12. ද්‌වයතානුපස්‌සනාසුත්‌තං3. මහාවග්‌ගො, සුත්‌තනිපාත – ඛුද්‌දකනිකාය. මෙම සූත්‍රයේ දේශනා රටාව බුදුරජාණන් වහන්සේ සමුදය, නිරෝධ කියන ඒ ද්වේතාව සිතට කාවදින අන්දමින් එක එක ධර්ම ඉදිරිපත් කරමින් විග්‍රහ කෙරෙන සූත්‍රයක්.

එහිදී උපාදානය කියන පටිච්චසමුප්පාද අංගය පිළිබද සමුදය, නිරෝධ කියන දෙපැත්ත පලමුවෙන් මෙලෙසයි සංඝයා වහන්සේලාට හදුන්වා දෙන්නේ. මහනෙණි, මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල ‘ උපාදාන’ ප්‍රත්‍යයෙනි. මේ එක් අණුපස්සනාව කී. ‘උපාදානයේ’ නිරවශේෂ විරාගය නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අණුපස්සනාව යි…. 

748 ‘ ‘උපාදානපච්‌චයා භවො, භූතො දුක්‌ඛං නිගච්‌ඡති; 

          ජාතස්‌ස මරණං හොති, එසො දුක්‌ඛස්‌ස සම්‌භවො. 

         ‘තස්‌මා උපාදානක්‌ඛයා, සම්‌මදඤ්‌ඤාය පණ්‌ඩිතා; 

          ජාතික්‌ඛයං අභිඤ්‌ඤාය, න ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’ 

උපාදානය නමැති අල්ලා ගැනීම නිසයි, භවය නමැති පැවැත්ම තිබෙන්නේ, පැවැත්මක් ඇත්තා දුකයට වැටේ. උපන්නොහුට මරණ ය වේ, මේ දුකෙහි හටගැන්ම යි. එම නිසා උපාදානය ක්ෂය කිරීමෙන්, නුවනැත්තා මැනවින් අවබෝධ කරගෙන, උපතේ ක්ෂය වීම විශිෂ්ඨ ඥාණයෙන් දැනගෙන, පුනර්භවයකට නො පැමිනේ.  

 

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19765

Leave a Reply