Bauddhaya Ha bauddha Charithra – Ven Madihe Paññāsīha Thero

bauddaya_saha_chariththra

බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර – අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමි

බුදුරජාණන් වහන්සේ ශාස්තෲන් වහන්සේ කොට අදහන්නෝ බෞද්ධයෝ නම් වෙති.

පූර්වයෙහි බෞද්ධ යන නාමය ව්‍යවහාර කළේ උපාසකයන්ට ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු අන්‍යලබ්ධික ක්ෂත්‍රීය භ්‍රාහ්මණාදීන්, “මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේ සරණ යමි, ධර්මයද භික්ෂු සංඝයා ද සරණ යෙමි. භගවත් ගෞතමයන් වහන්ස, මා උපාසකයෙක් යැයි දරා ගන්නා සේක් වා” යි අයැද සිටියේ තමන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන්නට ය…….

උපාසකයෙක් – බෞද්ධයෙක් වන්නේ කෙසේ ද? යි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

“යමෙක් බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේ ද මහානාම මෙ පමණෙකින් හෙතෙම උපාසක, බෞද්ධ නම් වේ”

 

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2015/01/VenMadihePagnnaseehaThero-bauddhayaHaBauddhaCharithra.pdf[/pdf]

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19230

Leave a Reply