Karama Chakkrayen Dharma Chakkryata – Ven Katukurunde Ñāṇananda Thero

Karma_Chakkrayen_කර්ම චක්‍රයෙන් – ධම්ම චක්‍රයට පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

නව’ කතාවකට වඩා කෙටි වූද, ‘කෙටි’ කතාවකට වඩා දිගු වූද, කිසිසේත් ප්‍රබන්ධ කතාවක් නො වන මේ ආත්ම ප්‍රකාශනය අප ගුරුදේවයන් වහන්සේ වන මීතිරිගල නිස්සරණ වනයේ වැඩවිසූ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ වෙතින් 1987 වසරේ දී කමටහන් උපදෙස් ලබා ගත් එක් උපාසිකාවකගේ ලිපියකින් උපුටා ගත් පිටු කීපයකි.

අපූර්ව අධිමානසික ශක්තියක් ඇති මේ කාන්තාවගේ අවංක නිහතමානී ආත්ම ප්‍රකාශනය, මෙය කියවන පාඨක ලෝකයාට කර්මයේ අසීමිත භයානකත්වයත්, ධර්මයේ අසීමිත සැනසිල්ලත් විදහා දක්වන දේශනාවක් ම වේ වා!

ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත,
මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනිදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්නවල දී පාලනය කරගත නො හැකි කෝප ජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති දඩබ්බර ගැහැණියක් මෙන් මුරගාමි, මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, මිතුරන්ගේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාවම එපා වේ. එහෙත් ඉතාම ඉක්මණින් යලිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යලිත් ප්‍රභාවත් වේ.

මෙය මට බල නො පෑවට මා අවට අයට තදින් බලපායි. මා මෙන් මෙය ඉක්මණින් අමතක කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්ති ද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ දී මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පාත්‍ර වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනා ය……..

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=18874

Leave a Reply