For Tele-drama Mothers? – Ven. Gangodawila Soma Thero

TV_addictionපුංචි පුතාල දුවල දැන ගන්න ඕගොල්ලන්ගේ අම්මලා දවකට පැය ගණන් රූපවාහිණි බලනවා නම් ඒ ගොල්ලො හොද අම්මලා නෙමේ කියල. මේක මම ලමයින්ට නරක අම්මලා කියල පෙන්නල දුන්නා නෙමේ මේක දැනගෙන වත් මින් පස්සේ අම්ම ඒ නරක ක්‍රියාව නවත්වන්න.

එහෙම නැත්නම් ඔය අම්ම නරක අම්මෙක් විතරක් නෙමේ ඔය අම්ම දරුවන්ගේ පරම හැතිරියක් වෙනවා.

මොකද එහෙම බලනව නම් අනිවාර්යෙන්ම ඒ අම්ම ඔය ගානෙන් නවත්වන්නේ නම් නැහැ, දවසින් දවස ඉස්සරහට යනවා. ඒ යනකොට ළමයා දෙවෙනි වෙනවා. ඊට පස්සෙ ළමයා මොකක් හරි දේකට අම්මට කථා කළහොත් අම්මේ කියල අම්ම කවදාවත් ළමයගේ පස්සෙ යන්නේ නැහැ. කියන්නේ පුතේ පොඩ්ඩක් ඉන්න මම එනකම් කියලා කරන්නේ නැද්ද? කරනවා. ඊට පස්සේ ළමය දෙවෙනි පාර කථාකලොත් පොඩ්ඩක් හිටපන් මම එනකම් කියල කියන එකක් නැද් ද? 

තරහ යන්නේ නැද් ද?

සිතන්න. එද අපේ සෝම ස්වාමින්වහන්සෙ පෙන්වා දුන් දේ අද වෙන්නේ නැද්ද? එදාටත් වඩා රූපවාහිණි කථා පෙලම බලලා නොවේ ද අද අම්මලා නවතින්නේ….එතෙක් ළමයින්ට දෙයියන්ගේ පිහිට ද? …….සිතන්න. 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=18644

Leave a Reply