Chathalisakara Maha Vipassana Bhawana – Ven Rerukane Chandawimala Thero

chaththalisakara-maha-wipassana-bhawanaචත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදී භාවනා භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය. 

සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය – දුක්ඛ- රෝග- ගණ්ඩාදී වශයෙන් නුවණින් මෙනෙහි කල යුතු බව බන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථිත වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය.

කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාළීසාකාර මහා විපස්සනාව විස්තර කරන විශේෂ ග්‍රන්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකී. ඒ පාඩුව පිරිමසාලීම මේ ග්‍රන්ථය සම්පාදනය එක් හේතුවකි.

භාවනා මධ්‍යස්ථානවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටන කුලපුත්‍රයන්හට ද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්වය වසා සිටින අවිද්‍යාව නමැති වළාකුල තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි.    

මෙම සම්පූර්ණ පොත බාගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1720

Leave a Reply