Irsiyawa – Ven Rajasinghegama Thilakadhamma Thero

අඳුරෙන් අඳුරට ඇද දමන ඊර්ෂ්‍යාව – රාජකීය – පණ්ඩිත ශාස්ත්‍රපති , රාජසිංහගම තිලකධම්ම හිමි

මිනිස් සිත තුළ හටගන්නා එක්දහස් පන්සීයක් තරම් වූ කෙලෙස් සතුරන් අතුරින් ‘ඉස්සා’ නැත්නම් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස් සතුරෙක්. ඒ විතරක් නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක් උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලුකර දමනවා. අනුන්ගේ සැප සම්පත්වලට, යානවාහන, ඉඩකඩම්, කීර්ති ප්‍රශංසා තනතුරු ආදියට අකැමැති බව ඒවා නො ඉවසන ගතියට තමයි ‘ ඊර්ෂ්‍යාව‘ කියලා කියන්නේ.

ඊර්ෂ්‍යා කරන කිසිම කෙනෙක් කියන්නේ නැහැ තමන් අනුන්ට ඊර්ෂ්‍යා කරනවය කියලා. එයා කියන්නේ “ මං කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සු මට ඊර්ෂ්‍යා කරනවනේ” කියලයි. තමුන්ගේ සිතේ තියන ඊර්ෂ්‍යාව තමුන්ට පෙනෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන කෙනාට කිසිම දෙයක් නැහැ. හැබැයි සිතේ සැනසිල්ල නම් අහිමි වෙලා යනවා. ඉතා බිහිසුනු ප්‍රතිවිපාක කිහිපයක් එයා වෙත ළඟා වෙනවාය කියලා අංගුත්තර නිකායේ ‘කෝධන සූත්‍රයේදී’ බුදුන් වහන්සේ වදාළ සේක.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Irisiyawa.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=17017

Leave a Reply