“සලායතන” – පටිච්චසමුප්පාද දේශනා (14) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
සාංසාරික සත්වයාගේ ජීවිත පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සියල්ල ආයතන හයක් තුල සිදුවෙන බව ලෝකෙ දිහා විමසුම් ඇසකින් බලන කෙනෙකුට පෙනී යන වා. ඇස, කන, නාසය,දිව,කය,මන යන ආධ්‍යාත්මික ආයතන හය පටිච්චසමුප්පාදයේ හැදින්වෙන්නේ “සලායතන” යන නාමයෙන්.
විඥ්ඥාණ-නාමරූප දියසුළිය තුලින් මතු වෙන ආකූල, ව්‍යාකූල ක්‍රියාකාරිත්වය, රූප,ශබ්ධ,ගන්ධ,රස, කොට්ඨබ්භ යන භාහිර ආයතනත් එක්ක සම්බන්ධීකරනයෙන් ලෝකයාට හඳුන්වා දෙන්නේ මේ සලායතනය යි.
සංයුක්ත නිකායේ, සලායතන සංයුක්තයේ උදක සූත්‍රයේ(10) එන ගාථාවක් අද මේ 14වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකා කර ගත්තේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙසේ ප්‍රකාශ කරනවා “මහණෙනි, උද්ධකාරාමපුත්‍ර ‘ඉදං ජාතු වෙදගූ, ඉදං ජාතු සබ්‌බජී. ඉදං ජාතු අපලිඛතං ගණ්‌ඩමූලං පලිඛණි’න් – ඒකේ තේරුම මේක තමා වේදයේ පරතෙරට ගියා කියන්නේ, මේක තමා සියල්ලෙන් ම ජය ගත්තා කියන්නේ. මේක තමා ඇත්තෙන්ම මෙතෙක් මුල නො සෑරූ ගඩුවෙහි මුල හෑරුවා කියන්නේ.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙසේ ප්‍රකාශ කරනවා උද්ධක මෙසේ උදාන ගාථා ප්‍රකාශ කලාව ඒක හරි හැටියටම ප්‍රකාශ කරන්න අයිති ය තියෙන්නේ මේ සාසනයේ භික්ෂුවකට යි.
“මහණෙනි, කෙසේ ද කෙනෙක් ‘වෙදගූ’වෙන්නේ ……
.
1 comment
SADU Sadu: