Abhidharmartha Pradeepika – Dr Amaradasa Ratnapala

Abhidharmaඅභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය) – දොස්තර අමරදාස රත්නපාල මහතා

අභිධර්මාර්ථ ප්‍රදීපිකා නම් වූ මේ පොත අභිධර්මාර්ථ සංග්‍රහය අනුව යමින් සම්පාදනය කරන ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හී ඇතුළු වූ ධර්මාර්ථයන් පිඩුකොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්නවුනට මහෝපකාරී විය.

බුදුරජානණ් වහන්සේ විසින් දෙසිත ත්‍රිපිටක ධර්මයෙහි සදහන් වන ධර්මාර්ථයන් මනාව වටහාගැනීමට පරමාර්ථ ධර්ම පිළිබදව සාමාන්‍ය දැනීමක්වත් තිබිම ඉතා වටිනවා. මෝහයෙන් මඩනා ලද පුහුදුන් සිත් සතන් මිථ්‍යාමත වලින් මුදවා පිරිසිදු සම්‍යග් දෘෂ්ටියෙහි යොදවා ගැනීම ධර්මඥානයෙන්ම කළ යුත්තකි. කුසලාකුසල ධර්මයන් හැදින එහි ඉෂ්ටානිෂ්ට විපාකයන් දැනගැනීමටත් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිස වැඩිය යුතු සමථ විදර්ශනා භාවනානුයෝගයටත් ඉවහල්වන ධර්ම සමූහය අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඇතුළත් වේ

එබැවින් ධර්මය ඉගෙනීමෙහි කැමැත්ත ඇති, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් තියුණු කර ගැනීමට උත්සාහ දරන සත්පුරුෂයන් හට අභිධර්මාර්ථ සංග්‍රහය වැනි අන් ග්‍රන්ථයක් නැතැයි කිව යුතු ය.


Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1695

3 comments

1 pings

    • senaka chulawansa on September 17, 2013 at 8:53 pm
    • Reply

    Itha vishishta Granthayaki

    • Thushara on May 26, 2014 at 12:48 pm
    • Reply

    Please let me know from where this book can be bought?

    1. http://onlinebookshop.buddhistcc.com/index.php

  1. […] අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත http://www.dhammikaweb.com/?p=1695 මෙම වෙබ් පිටුවෙන් බා ගත […]

Leave a Reply