Patticca Samuppadaya Deshana (12) – Ven Katukurunde Ñāṇananda Thero

compress_seda_wathuraසැඬවතුරු හතරකින් එගොඩ වීම – පටිච්චසමුප්පාද දේශනා (12) පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සසරින් එතෙර වීම සැඬවතුරු හතරකින් එගොඩ වීමක් බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථා වල පෙන්වා දෙන වා.

කාම, භව, දිට්ඨි අවිජ්ජා කියන සැඬවතුරු හතරට ගසාගෙන යන ලෝක සත්වයා ට ඒ සැඬවතුරෙන් එතෙර වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මැදුම් මගකින් දක්වා වදාළා. ඒ මැදුම්මග තුලිනුත් පටිච්චසමුප්පාද ධර්මය ම ඉස්මතු වෙන වා. එම නිසා අප මේ 12 වන දේශනාවට සැඬවතුරෙන් එතෙර විමේ ප්‍රශ්නයට අදාල ගාථාවක් තමා මාතෘකාව හැටියට ඉදිරි ගත්තෙ.

සංයුත්‌තනිකායේ(සගාථාවග්‌ගපාළි, 1.දෙවතාසංයුත්‌තං) මුලටම දැක්වෙන 1ඕඝ සූත්‍රයේ මේ ගාථාව සදහන් වන්නේ මෙහෙම යි. ඒ සූත්‍රයට අනුව  එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අසන වා ‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’?  -‘කෙසේ ද නිදුකාණෙනි ඔබ සැඩ වතුරෙන් එතෙර වුනේ’?  එතකොට  බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිලිතුර  ‘අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්‌. ‘ – ‘ඇවැත්නි මම නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනෙ මි’. 

මේක එකපාරටම තේරුම් ගත නො හැකිව දේවතාව අසන වා කොහොම ද නිදුකාණෙනි ඔබ නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනේ? කියා. එවිට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කිරීම් වශයෙන් වදාරන වා ‘ ඇවැත්නි’ මම යම් අවස්ථාවක නැවතුනා නම් ඒ අවස්ථාවේ මා ගිලා බැස්සා. යම් අවස්ථාවක මම දැගලුවා නම් ඒ අවස්ථාවේ මා ගසාගෙන ගියා. එම නිසා මම  නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනෙ මි……

මේ සැඩවතුරු කථාවේ දී, අප කවුරුත් දන්න වා වේගයෙන් ගලාගෙන යන සැඬවතුරකින් එතෙර වෙනකොට…….    

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16899

Leave a Reply