“ නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම “

“ නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම “ශ‍්‍රි පාද මළුවේ ස්ථාපිත කිරිම සදහා නල්ලතන්නියේ ලක්ෂපාන කි‍්‍රඩාංගනයට රැගෙන විත් තිබු ශෛලමය දොළොස්මහේ පහණ හා ඝාණ්ඨාරය ශ්‍රිපාදස්ථානය කරා ගෙනයාමේ ගුවන් මෙහෙයුම අවසන් කෙරේ.

දින 07 ක් පුරා පැවති මෙම ගුවන් මෙහෙයුම අද උදැසන 8.00 ට සාර්ථකව අවසන් කෙරින. 

ඉකුත් දෙවෙනිදා උදැසන සිට ආරම්භකල මෙම භාණ්ඩ ප‍්‍රවාහනයට ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය යොදාගෙන තිබුණි. දොළොස්මහේ පහණ ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුන ඇතුලූ කිලෝ 26000 ( විසිහයදාහක ) බර ප‍්‍රමාණයක් ගුවන් ගමන් වාර 16 දි ලක්ෂපාන ක‍්‍රිඩාංගනයේ සිට ශ‍්‍රි පාද මළුව දක්වා මෙහිදී රැගෙන ගියේය. 

මෙම ගුවන් මෙහෙයුම අවසන් කිරිමෙන් අනතුරුව අදහස් දැක්වු එම හෙලිකොප්ටර් යානයේ ප‍්‍රධාන නියමු කාලිංග මහීපාල මහතා පැවසුවේ ගුවන් හමුදා ඉතිහාසයේ මුහුදු මට්ටමේ සිට අඩි 7400 ක් ඉහල වු කදු මුදුනකට භාණ්ඩ ප‍්‍රවාහනය කල පලමු අවස්ථාව මෙය බවයි. මෙම භාණ්ඩ ප‍්‍රවාහනය ගුවන් හමුදාවට භාරදුන් අවස්ථාවේ අභියොගයක් ලෙස තමන් එය භාරගත් බවත් මේ සදහා තමන් ඇතුළු ගුවන් නියමුවන් 7 දෙනෙක් හා ගුවන් හමුදාවේ 40 දෙනෙක් ඇතුළු යුද හමුදාවේ හා කේ.සි.සි. ආයතනයේ නිළධාරින් ඇතුළු 150 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වු බව ප‍්‍රධාන නියමු වරයා සදහන් කළේය. 

“ නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම “

Read more

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16825

Leave a Reply