A Spiritual Biography of Ven Acariya Mun Thero

compress_Ven_AcriyaThero6414615නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාය්‍ය_ මන් භූරිදතත හිමි ප්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛය්‍යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප්‍රබල විනය ගරුක භාවය වේ.පිරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ඨත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගෙ ආර්‍ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.

මෙකල ලෝකයේ පහළ වූ අති උත්තම විපස්සනා භාවනා ගුරුවරුන් අතුරෙන් අති ශ්‍රේෂ්ඨ ගණයේ ගුරුවරයෙක් ලෙස තම ශිෂ්‍යයින්ගේ ප්‍රශංසාවට ලක් වූ ආචාර්‍යය මන් භූරි දතත තෙරුන් වහන්සේගේ ඇසුරට පැමිණි අය තුළ ධර්මය පිළිබඳ කිසිම ගැටළු හෝ සැක නොවීය. තායිලන්තයේ පමණක් නොව ලාඕස් රටේ හා නොයෙක් ප්‍රදේශවල අප්‍රමාණ ගිහි පැවිදි ශිෂ්‍යයෝ සිටියහ. උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය සැබවින්ම චමත්කාරය. මුල් යුගයේ සිට බෞද්ධ භික‍ෂුවක් ලෙස උග්‍ර තපස් රකිමින් අවසාන මොහොත දක්වා කළේ එකම ප්‍රාතිහාර්යයකි. එය පුදුම එලවයි. මහා මැණික් රාශියක් එක්රැස් කිරීමට වඩා අඛණ්ඩ ගුණ සමුදායක් එක් රැස්කිරීම නූතන යුගයේ කළ නො හැකි දෙයකි.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16690

Leave a Reply