Metta Chethovimukthiya – Ven Katukurunde Ñāṇananda Thero

compress_Meth_Sithaමෙත්තා චෙතොවිමුතතිය – පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි (උපුටා ගැනීම පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි විසින් රචිත “භාවනා මාර්ගය” පොතේ පිටු අංක 10 සිට 12 දක්වා.)

අට ආකාරයකින් මෙත්තා චෙතොවිමුතතිය වඩන කොට ආනිශංස එකොළහක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා බොහෝ විට මේ පින්වතුන් අහලත් ඇති. අපි කෙටියෙන් සලකා ගත්තොත්,

සුඛං සුපති – සුවසේ නිදියනවා
සුඛං පටිබුජඣති – සුවසේ පිබිදෙනවා
න පාපකං සුපිනං පසසති – නපුරු නරක සිහින පෙනෙන්නේ නැත කියන එක.
මනුසසානං පියො හොති – මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
අමනුසසානං පියො හොති – අමනුෂ්‍යයින්ටත් ප්‍රිය වෙනවා.
දෙවතා රක‍ඛනති – දෙවියෝ රකිනවා
නාසස අගගි වා විසං වා සත‍ථං වා කමති – ඔහුගේ ශරීරයට ගින්න වස විස ආයුධ ආදියෙන් පීඩාවන් වන්නේ නැත, කියන එකයි.
තුවටං චිතතං සමාධියති – ඉක්මණින් සිත සමාධිමත් වෙනවා.
මුඛවණෙණා විපපසීදති – මුහුණ ප්‍රසන්න වෙනවා
අසමමූළෙහා කාලං කරොති – නුමුළාව කළුරිය කරනවා
උතතරිං අපපටිවිජඣනෙතා බ්‍රහමලොකුපගො හොති– මෙලොව අර්හත් භාවය ලැබුවේ නැත්නම් – ඊට ඉහළ තත්වයක්
නොලැබුව හොත් – බ්‍රහ්මලෝකයට යනවා.

නමුත් මේ ආනිශංස එකොළහ පමණක් නොවෙයි අපි අර කලින් කීව මේ මෛත්‍රී චෙතොවිමුකතිය මහ ප්‍රබල ආනිශංස ඇති දෙයක් බව ප්‍රකාශ වන වටිනා සූත්‍රයක් තියනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය නමින්. සංඛ කියන්නේ හක්ගෙඩිය. ඒ පිළිබඳ කථා ප්‍රවෘත්තියයි දැන් අපි විශේෂයෙන් කියන්නේ. මේ පින්වතුන් සමහර විට අහලා නැති නිසා. අනිත් ඒවා නම් ඔය ප්‍රකට දේවල්, මෙතෙක් සඳහන් කළ ඒවා. මේ පිංවතුන්ට පහසුවෙන් සලකාගන්න පුළුවන්.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Pancil_Rakeema_BawanaMarga_page10to12_VenKatukurundeThero.pdf[/pdf]

 

මම සම්පූර්ණ “භාවනා මාර්ගය”  පොත බා ගැනීමට පහත සඳහන් පිටුවට පිවිදසන්න. http://www.dhammikaweb.com/?p=13895
 
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16475

Leave a Reply