Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

Abhisagnaකෙසේ ද අභිසඥ්ඥා නිරෝධ න්නේ ?  –  පටිච්චසමුප්පාද දේශනා (11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 ඇසල පුර පසලොස්වක පෝය දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලෝකයා හමුවේ තැබූ චතුරාර්‍ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නො ඇසූ විරූ අන්දමේ ආශ්චර්‍යවත් ධර්මයක්. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව  මතයි. එම නිසා  මෙම එකලොස් වන දේශනාවට මාතෘකාව හැටියට “නිරෝධ සත්‍ය” ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන වා.     
වුත්‌තඤ්‌හෙතං භගවතා, වුත්‌තමරහතාති මෙ සුතං –
‘‘රූපෙහි, භික්‌ඛවෙ, අරූපා සන්‌තතරා, අරූපෙහි නිරොධො සන්‌තතරො’’ති (මහණෙනි රූප තත්වයන්ට වඩා, රූප ධ්‍යානයන්ට වඩා අරූපධ්‍යාන ශාන්ත ය. අරූපධ්‍යානයන්ට වඩා නිරෝධය ශාන්ත ය.)     
 
‘යෙ ච රූපූපගා සත්‌තා, යෙ ච අරූපට්‌ඨායිනො  
නිරොධං අප්‌පජානන්‌තා, ආගන්‌තාරො පුනබ්‌භවං. (රූප ධ්‍යාන වලට, රූපතත්ව වලට එළබෙන යම් සත්වයෝ වෙත් ද, ඒ වගේම අරූප භවයන් හි රදා සිටින යම් සත්වයෝ වෙත් ද, නිරෝධය  තේරුම් නො ගැනීම නිසා නැවත  නැවත  භවයට පැමිණෙන  වා.)
 
 ‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා;
නිරොධෙ යෙ  විමුච්‌චන්‌ති, තෙ  ජනා මච්‌චුහායිනො.  ‍(යම් කෙනෙක් රූපය පිලිසිද දැනගත්තා නම්,  ඒ වගේම අරූපයෙහි රදන්නේ නැත්නම්, ඒවාගෙ නො රදා යම් කෙනෙක් නිරුක්ත වෙත් ද, ඒ සත්වයන් තමා මාරයා පලවා හරින්නෙ. )  
 
‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්‌වා නිරූපධිං;
උපධිප්‌පටිනිස්‌සග්‌ගං, සච්‌ඡිකත්‌වා අනාසවො; නිරූපධි  (අමුර්ත ධාතුව ස්පර්ශ කර උපදීන් අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශ්‍රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සෙ කෙලෙස් රහිත වූ නිර්වානය දේශනා කරයි.  
දෙසෙති  සම්‌මාසම්‌බුද්‌ධො, අසොකං විරජං පද’’න්‌  – 4. සන්‌තතරසුත්‌තං – 3. තිකනිපාතො , ඉතිවුත්‌තකපාළි ,ඛුද්‌දකනිකාය

මේ ගාථාවලින් කියවෙන අදහස අපට ඉතාමත් ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමා  9. පොට්‌ඨපාද සූත්‍රය -සීලක්‌ඛන්‌ධවග්‌ගපාළිය ,දීඝනිකාය.   මෙහි දී පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා  බුදුරජාණන් වහන්සෙගෙන් අසනවා  ‘කථං නු ඛො, භො,අභිසඤ්‌ඤානිරොධො හොතී’? කෙසේ ද අභිසඥ්ඥා (සඥ්ඥාවේ ඉහල මට්ටම්) නිරෝධ වන්නේ ? කියා.

පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා කියනවා මෙම ප්‍රශ්නය මතුවුනාම ඇතැම් කෙනෙක් කියනවා හේතුප්‍රත්‍ය කිසිවක් නැතිවයි සඥ්ඥාව පුරුෂයෙක් තුලට ඇතුල් වන්නේ ත්, පිට වන්නේ ත්.  තව කෙනෙක් කියනව සඥ්ඥාව පුරුෂයෙකුගෙ ආත්මය යි. ඒ ආත්මය ඇතුල් වෙනවා, පිට වෙනවා………   

මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සෙ වදාළ පිලිතුරු දැන ගැනීමට මෙම වටිනා දේශනාව සමගම සූත්‍රයන් පරිශීලනය කිරීමට ඔබ සැමට ආරාධනා. 

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16441

Leave a Reply