කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය – පටිච්චසමුප්පාද දේශනා (10) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
‘‘ලොභජං දොසජඤ්‌චෙව, මොහජඤ්‌චාපවිද්‌දසු; යං තෙන පකතං කම්‌මං, අප්‌පං වා යදි වා බහුං; ඉධෙව තං වෙදනියං, වත්‌ථු අඤ්‌ඤං න විජ්‌ජති. ‘‘තස්‌මා ලොභඤ්‌ච දොසඤ්‌ච, මොහජඤ්‌චාපි විද්‌දසු; විජ්‌ජං උප්‌පාදයං භික්‌ඛු, සබ්‌බා දුග්‌ගතියො ජහෙ’’මෙම ගාථාව එන්නේ 4.නිදාන සූත්‍රයේ (4. දෙවදූතවග්‌ගො, , තිකනිපාතපාළි, අඞ්‌ගුත්‌තරනිකාය)
මෙම සූත්‍රය ආරම්භ වන ඡේදයනුත් කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය පැහැදිලි කෙරෙන වා. බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ඒ දේශනාව ආරම්භ කරන්නෙ මහණෙනි කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක් ඇත. ලෝභය, ද්වේශ, මෝහ කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි.
මහණෙනි’ ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදාන කර ගත් ලෝභය නිසා හට ගත් යම් කර්මයක් වේ ද, ඒ කර්මය යම් ආත්ම භාවයක උප්පත්තිය ලබයි ද, ඒ ආත්ම භාවය තුල කර්මය පැසෙයි. යම් ආත්ම භාවයක් තුල ඒ කර්මය පැසෙයි ද, එතැන එම කර්මයේ විපාක අත් විදි යි.මේ ආත්ම භාවයේ දීම හෝ දෙවන ආත්ම භාවයේ හෝ ඊට පසුව තිබෙන ආත්ම භාව තුල හෝ විපාක අත් විදි යි.
එනම් අකුසල පැත්ත පිලිබඳව එවගේම කුසල පැත්ත ද මෙසෙ දේශනා කොට වදාළන ව. අලෝභ,අද්වේශ,අමෝහය කර්මයන්ගේ හට ගැනීමට නිදානය කි…………………….
අලෝභය නිදාන කරගත් යම් කර්මයක් වේද, ලෝභය පහ වූ කල්හි ඒ කර්මය මුලිමනින් ම ප්‍රහීන වේ.මුලින් උපුටා දමන ලද්දක් වේ. මෙලෙසම අද්වේශ,අමෝහය පිළිබඳවත් එසේම වදාළ සේක. මේක බොහොම ගැඹුරු කාරණයක් බොහොම සරල ලෙස පෙනුනත්….
ඊලගට කර්මය පටිච්චසමුප්පාදයට එල්ල කරලයි සාකච්ඡා කිරීමට යන්නේ කර්මය පිළිබඳව ඉතාමත් වැදගත් කාරනා දක්වන සූත්‍රය තමයි අංගුත්තර නිකායේ,ඡක්ක නිපාතයේ, 6.මහාවග්‌ගයේ එන 9.නිබ්‌බෙධික සූත්‍රය. මෙම සූත්‍රයෙ දී කර්මය පිළිබඳව සය(6) ආකාරයක් විග්‍රහයක් දක්වන වා
කතමො ච සො, භික්‌ඛවෙ, නිබ්‌බෙධිකපරියායො ධම්‌මපරියායො? කාමා, භික්‌ඛවෙ, වෙදිතබ්‌බා, කාමානං නිදානසම්‌භවො වෙදිතබ්‌බො, කාමානං වෙමත්‌තතා වෙදිතබ්‌බා, කාමානං විපාකො වෙදිතබ්‌බො, කාමනිරොධො වෙදිතබ්‌බො, කාමනිරොධගාමිනී පටිපදා වෙදිතබ්‌බා.
මහණෙනි,
- කර්මය දත යුත්තේ ය.
- කර්මයේ හට ගැනීමට හේතුව දත යුත්තේ ය.
- කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේ ය.
- කර්මයන්ගේ විපාකය දත යුත්තේ ය.
- කර්මයන්ගේ නිරෝධය දත යුත්තේ ය.
- කර්මනිරෝධගාමිනි ප්‍රතිපදාව දත යුත්තේ ය..
ඉන්පසු මේ එකින් එක විග්‍රහ කරන වා බුදුරජාණන් වහන්සෙ මෙසේ…..
Recent Comments