Prathama Saha Dvithiya Dyana – Ven Matara Sri Gnanarama Maha Thero

Jhana_Newප්‍රථම සහ ද්විතීය ධ්‍යාන – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

සාමාන්‍ය සිතක් එකවරට ම මහග්ගත තත්ත්වයට පමුණුවා ලිය නො හැකිය. ඉන්ද්‍රිය සමතාව (ඒකරස බව) සඳහා කමටහන් අරමුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට සිදු වේ. මේ පරිකර්ම අවස්ථාවයි. මෙතැන දී ඉන්ද්‍රියයන් සම වූ පසු සිත උපචාරයට වැටේ. උපචාර අවස්ථාවේ දී නීවරණයන්ගේ පෙළඹීම නැත.

උපචාර අවස්ථාවෙහි අනුක්‍රමයෙන් අරමුණු සහ සිත ඒකත්වයට ළංවේ. අවසානයේ දී සිත අරමුණෙහි කිඳා බසී. මේ අර්පණාව නම් වූ ධ්‍යාන සිතක පහළ වීමයි. අනතුරුව එම සිත විමසා බලන විට ධ්‍යාන අංග එහි තිඛෙන බව පෙනේ. එහෙත් ධ්‍යානය ලබා ගත් විට පළමුවෙන්ම එහි ඇතුළත් ධ්‍යාන අංග (විතක‍ක, විචාර, පීති, සුඛ, එකගගතා) විමසීමට නො බැසිය යුතුය. මුල් වරට මිනිත්තු පහක් ධ්‍යානයේ සිට ඉන් නැගී සිටීම මැනවි. එය ද අධිෂ්ඨානයක් සහිත ව ම කළ යුතුය.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ පොතෙන් 21 සිට 23 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Prathama_saha_Dvithiya_Dyana_SapthaVishuddhivipassanaGana_venMatara_NanaramaThero.pdf[/pdf]

 

===================================================================

සම්පූර්ණ “සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ ” පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15474

Leave a Reply