You are Responsible – Ven Dr K Dhammananda Thero

youඅපේම අඩුපාඩුවලට වැරදි වලට අන් අයට චෝදනා කිරීමටයි, දොස් නැගීමටයි අපි නැඹුරු වී සිටින්නේ.  ප්‍රශ්නවලට ගැටළුවලට වගකිව යුත්තා ඔබම බව ඔබත් සිතා බැලුව ද?  ඔබේ දුකට හෙවත් නොසතුටට හේතුව මියගිය ඥාතියෙකුගේ සාපයක් හෝ පවුලේ අය‍ගේ සාපයක් නොවේ. එය යක්‍ෂයෙකුගේ හෝ දෙවියකුගේ හෝ ක්‍රියාවක් ද නොවේ. ඒ ‍දුක ඔබේම නිර්මාණයකි. එබැවින් ඔබව සිරකර තබාගන්නා මෙන්ම ඉන් මුදවාගන්නාත් ඔබම ය. 

එසේම දිව්‍ය ලෝකය මෙන් ම අපාය ද නිර්මාණය කරගන්නේ ඔබමය. පව්කාරයෙක් වීමටත්, ශුද්ධවන්‍තයෙක් වීමටත් හැකියාව ඔබ තුළම ඇත. අන්කිසිවෙකුට ඔබව පව්කාරයෙකු හෝ ශුද්ධවන්‍තයෙක් කිරීම හෝ කළ නොහැක.

ඔබගේ ජීවිතයේ වගකීම් දැරීමට ඔබම පුරුදුවිය යුතු ය. වෙනත් අයට දොස් නොකියා ඔබගේ අඩුපාඩු දුර්වලතා පිළිගැනීමට ඔබම ඉගෙනගත යුතු ය.

“නොහික්මුණු පුද්ගලයා නිතරම අන් අයට චෝදනා කරයි. මදක් හික්මුණු පුද්ගලයා තමාට වරද පවරා ගනී. සම්පූර්ණයෙන් හික්මුණු පුද්ගලයා කිසිවෙකුටත් වරද නොපරවයි”

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15441

Leave a Reply