Sparshaya – Patichcha Samuppadaya Deshana (09) – Ven Katukurunde Ñāṇananda Thero

compress_seadownloadඅන්ත දෙක, මැද සහ මැහුම්කාරියපූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘යො උභොන්‌තෙ විදිත්‌වාන, මජ්‌ඣෙ මන්‌තා න ලිප්‌පති

තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්‌බිනි මච්‌චගා’’  – සුත්ත නිපාතයේ , පාරායන වග්ගය.

අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥ්ඥාවෙන් මැද නො අල්ලයි ද, ඔහුට මම මහා පුරුෂයා යයි කියමි. ඔහු මෙහි මැහුම්කාරිය ඉක්මවා ගියේ වෙයි.! )

බුදුරජාණන් වහන්සේ වදාල ඉහත ගාථාව මතු කරගෙන භික්ෂූන් වහන්සෙලා එය තුලින් ප්‍රශ්න හතරක්(4) මතු කර ගත්ත. මෙම ඉතාමත් වටිනා විග්‍රහය (7. මජ්‌ඣෙසුත්‌තං – අඞ්‌ගුත්‌තරනිකාය, ඡක්‌කනිපාතපාළි, 6. මහාවග්‌ගො සූත්‍රයේ මැනවින් විග්‍රහ වෙනවා.

මේ ගාථාවේ කියවෙන

 1. එක අන්තය කුමක් ද?
2. දෙවෙනි අන්තය කුමක් ද?
3. මැද කුමක් ද?
4. මැහුම්කාරිය කව් ද?
 
තෙරුන් වහන්සෙලා කීප නමක් මෙසේ මේ ගාථාවට මෙසේ විවරන දෙනවා. – “………………………
 
 
සාදු !  සාදු ! සාදු! කටුකුරුන්දේ හිමියනේ ඔබවහන්සෙ ඉහත සූත්‍ර විග්‍රයේ ඉස්මතු වන මැහුම්කාරීය මත විවෘත වන පරාසය වන ස්පර්ශය යන ධර්මතාවය මතු කරමින්, තවත් සූත්‍ර විග්‍රහයන් හරහා බුද්ධ වචනයම ඉස්මතු කරමින්, බුද්ධ වචනයට පිටින් නොයා අපව  පටිච්චසමුප්පාද ධර්මතාවය වෙත ගෙන යන අයුරු ආශ්චර්යයි ! ස්වාමීන් වහන්ස ආශ්චර්යයි!. 

එහිදී ස්පර්ශය යන ධර්මතාවය දීර්ඝ වශයෙන් විග්‍රහ වන සූත්‍රයක්  වන  නිදානවග්‌ගපාළියේනිදානසංයුත්‌තයේ එන  2.මොළියඵග්‌ගුන සූත්‍රයේ   මොළියඵග්‌ගුන ස්වාමීන් වහන්සෙ  බුදුරජාණන් වහන්සෙගෙන් මෙසේ අසනවා  කො නු ඛො, භන්‌තෙ, ඵුසතී’’? (‘‘ ස්වාමිනි කව් ද ස්පර්ශ කරන්නේ ?)  ඔන්න එතකොට බුදුරජාණන් වහන්සෙ වදාරනවනො කල්‌ලො පඤ්‌හො’ ( “ඒ ප්‍රශ්නය ගැලපෙන්නෙ නැහැ”) …………….

 

 

 Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15344

Leave a Reply