පටිච්චසමුප්පාද දේශනා (08) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
‘රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා;… ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.‘‘ සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා;… යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං. ‘‘සුඛන්‌තිදිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං;… පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං.
ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය හයට අරමුණු වන රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, ධම්ම යන දේවල් දෙවියන් සහිත ලෝකයා ඇත්ත වශයෙන්ම තිබෙන හැටියට, සැප ගෙන දෙන දේ හැටියටත් සලකනව. යම් තැනක මේවා නිරුද්ධ වෙනවා නම් එතන දුකක් හැටියටත් සලකනව. නමුත් ආර්‍යන්වහන්සෙලා ලෝකයා සැප යැයි ගන්නා මේ දේවල් නැතිවන තැනම සැපයක් කොට ගන්න ව.
මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ඨි කෝණ දෙක ප්‍රකාශ වෙන ගාථා තුනක් තමා අද අප දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තෙ. ද්‌වයතානුපස්‌සනා සූත්‍රයේ (ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො) දහසය(16) වෙනි දේවාතානුපස්සනාවට අදාලවයි මේ ගාථා තුන සදහන් වන්නේ.
පටිච්චසමුප්පාදයේ නාමරූපය ලඟට තිබෙන්නේ සලායතනය බව කවුරුත් දන්නවා මේ දේශනාවේ දී කියවෙන්නේ මේ සලායතනයට අදාල ටිකයි. එනම් සලායතනයට අදාල වන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට අදාල රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, ධම්ම කියන අරමුණු, මේවා ලෝකයා සැප හැටියට සලකනව. මේ අරමුණු හය නැති වන්නේ කොතන ද? වෙන ලෝකයක ද?
ඒකට තමයි පිංවතුනේ සලායතන නිරෝධය පිළිබද ප්‍රත්‍යක්ෂය හැටියට සැලකෙන නිවෙනෙ දී, නිවන හදුන්වන්නේ ඇත්ත වශයෙන්ම සලායතන නිරෝධය පිළිබඳව් ප්‍රත්‍යක්ෂ්‍යය යි. ඒ ප්‍රත්‍යක්ෂ්‍ය අවස්ථාවයි සැපය ලෙසට ආර්‍යන්වහන්සෙලා සලකන්නෙ. මෙලොවම අත්විදිය හැකි ප්‍රත්‍යක්ෂ්‍යයි. මේකට ඉතාම හොද සාධකයක් නිවන, සලායතන නිරෝධය බව පෙන්නුම් කෙරෙන වටිනා සූත්‍රයක් තියෙනව සංයුත්‌තනිකායේ , සළායතනවග්‌ගයේ – 4.කාමගුණසුත්‍රයේ බුදුරජානණ් වහන්සෙ මහ ප්‍රෙහේලිකා විදිහේ දේශනා පාඨයක් මෙලෙස ප්‍රකාශ කරනව ‘තස්‌මාතිහ, භික්‌ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ යත්‌ථ චක්‌ඛු චනිරුජ්‌ඣති, රූපසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ…පෙ.… යත්‌ථ ජිව්‌හා ච නිරුජ්‌ඣති , රසසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ…පෙ.… යත්‌ථ මනො චනිරුජ්‌ඣති, ධම්‌මසඤ්‌ඤා ච නිරුජ්‌ඣති, සෙ ආයතනෙ වෙදිතබ්‌බෙ” මෙහි තේරුම………….
2 comments
cannot download
Author
Now you can download