Tipitaka CD හෙලිදරව්ව 1 – ත්‍රිපිටක සංයුක්ත තැටි නොමිලේ බෙදා දීම හරහා සූක්ෂමව සිදුකරනා සාසනික පරිහානිය.

ඒ උතුම් ශ්‍රී සද්ධර්මය රැකුණු හැටි

ගෞතම ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය හඳුන්වන්නේ ත්‍රිපිටකය නමිනි.  ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. වලගම්බා රාජ්‍ය සමයේදී බු. ව. 455 දී මෙතෙක් කට පාඩමින් ගෙනා ත්‍රිපිටකය හෙළටුවා මාතලේ ආලෝක විහාරයේදී ග්‍රන්ථාරූඪ කළහ. ඒ වූ කලී බුදු දහම මතු පරපුරට ගෙන යාම සඳහා කරන ලද උත්තරීතර සේවාවයි.

එතෙක් මුඛපරම්පාරවෙන් පැවත ආ මේ ශ්‍රී සද්ධර්මය. ග්‍රන්ථාරූඩ කරන විට පවා බුද්ධ වචනය කිසිම වෙනසක් නැතිව ත්‍රිපිටකය ලෙසින් පාළියෙන් ඉතා සුරක්ෂිතව පැවතුනී. පසුකාලීනව අටුවා/ටීකා පැමිණියත් අටුවාචාරීන් වහන්සේලාත් වෙන කිසිම ගරුතර ස්වාමීන්වහන්සෙ නමක් මේ ත්‍රිපිටකයට අත තිබ්බේ නැත. සම්මාසම්බුදුරජාණන් වහන්සෙගේ ශ්‍රිමුඛ දේශනාවන් ඉතාමත් සුරක්ෂිතව තිබෙන්නට හැර ත්‍රිපිටකය තුලට තම තමන්ගේ දේශනාවත්, තම තමන්ගේ මතයන්වත් එකතු කලේ නැත.  

පන්සල්වල, බෞද්ධ මධ්‍යස්ථාන වල ත්‍රිපිටක පොත් පුදුමාකාර ගෞරවයකින්, වෙනමම ස්ථානක ඉතාමත් සුරක්ෂිතව තැන්පත් කර තිබෙනු බෞද්ධයන් වන අප හොදින් දන්නා කරුණකී. එලෙසම ඔබ අදත් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ඇතුල් වීමේ දී ත්‍රිපිටක පොත් වෙනමම ස්ථානයක වෙනත් පොත් සමග මිශ්‍ර නොවන ලෙසට තැන්පත් කර ඇති ආකරයත් දැක ගත හැක.  ඒ බුද්ධ වචනයට තිබෙන්නා වූ අසීමිත ගෞරවය නිසා ය. ත්‍රිපිටක පොතක් දකින දකින මොහොතක් පාසා අපට අපේ සම්මාසම්බුදුරජාණන් වහන්සේ මතක් නොවන්නේ ද? මොන තරම් බුද්ධාලම්බන ප්‍රීතියක් එම දසුන අපට ගෙන දෙන්නේ ද, සාදු…සාදු…සාදු!!!

ත්‍රිපිටක ධර්මය සූක්ෂමව වෙළදාම් කරන්නන්

දැන් පිංවත් ඔබට මා ප්‍රකාශ කරන්න යන දේ අසා ඔබ නොසතුටට පත්වෙනවා ඇත. ඔබට ධර්ම සංවේගයක් ගෙන දෙන බවත් අප හොදින් දනිමු. නමුත් මේ උතුම වූ සාසනය රැක ගැනීමටත්, වංචාකාර ලෙස ඉතාමත් සූක්ෂමව කරගෙන යන්නා වූ ත්‍රිපිටකධාරී/ශාසනාභිවෘද්ධිකාමී ලෙසට තම තමන්වම හදුන්වා ගන්නා ව්‍යාපාරික පිරිසකගෙන් අපේ අහිංසක බෞද්ධයන්, තරුණ ස්වාමීන්වහන්සෙලා හැකි ප්‍රමාණයෙන් ගලවා ගැනීමේ අදහසින් සහ මේ උතුම් ත්‍රිපිටක ධර්මයන්ට මතුවට සිදුවන්නට හැකි අවධානම මේ මුලු බෞද්ධ ලෝකයටම හඩ නගා කිව යුතුව ඇත.  මොවුන් විසින් කරගෙන යන මේ වෙළදාම නිසා අනාගත ශාසනික පරිහානියක පෙරනිමිත්තක් බව වටහාගත්  නිසාත් සත් සිතෙන් යුතුව මේ හෙලිදරව්ව මෙසේ දිග හැරේ. 

පන්සල් නායක ස්වාමීන්වහන්සෙලාගේ / තරුණ ස්වාමීන්වහන්සෙලාගේ  සහ ගිහි පිරිස් අයගේ කාරුණික දැන ගැනීම පිණිසයි.. 

අපේ හාමුදුරුවනේ සමහර විට ඔබවහන්සෙලාගේ පන්සලට ත්‍රිපිටක සංයුක්ත තැටි නොමිලේ බෙදා දෙන ලෙස පවසා යම් ගිහියන් ඒමට හැකිය. ඉතාමත් පරීක්ෂාකාරි වන්නේ නම්, එම සංයුක්ත තැටි (CD) ත්‍රිපිටකයට අමතරව යම් ගිහියෙක්ගේ ධර්ම දේශනාත් ඇතුලත් කර ඇති බව ඔබවහන්සෙලාව නිරීක්ෂනය කළ හැක. ඇයි මේ බුද්ධ වචනය ඇතුලත් නොඉදුල්ව තිබිය යුතු ත්‍රිපිටක ධර්මය ඇතුලට ගිහියෙක්ගේ දේශනා ඇතුලත් වෙන්නේ? මෙන්න මෙතන තමා රහස, මොවුන් මෙම ත්‍රිපිටක සංයුක්ත තැටි පටිගත කිරීමට කියා අහිංසක ධර්ම පිපාසාවෙන් සිටිනා දෙස්විදෙස් පිංවතුන්ගෙන් මුදල් එකතු කරනවා සේම තමන්ගේ ගිහි දේශනා ප්‍රචලිත කිරීම තුලින් බෞද්ධයන් ඉතා ශූක්ෂමව ඔවුන් වෙත ලංකර ගැනීමෙන් මුදල් හම්බ කිරීම සදහා හොදම මාධ්‍ය ලෙස ඔවුන් තෝරා ගෙන ඇත්තේ මේ ත්‍රිපිටක ධර්මයයි. මොකද ත්‍රිපිටක ධර්මය යන නාමය ඇසුනු විගස අපේ බෞද්ධයන් සැක උපදාව ගන්නේ නැහැ මොවුන්ගේ මේ කූට යටිකූට්ටු වෙළදාම ගැන.

එම නිසා සතර අපායට යන මෙම පාපකර්මය පසෙකට ලා ජීවන උපායක් කොට ඉතාමත් සූක්ෂම ලෙස අපේ ස්වාමීන්වහන්සෙලාගේ පින්වත් දෑතින්ම එම පන්සල් වලට එන සැදැහැවතුන්ට මෙකී සංයුක්ත තැටි බෙදා හැරෙනවා.

කොහොමද මොවුනගේ වැඩපිළිවෙල. තව අවසන් නැහැ. මෙම සංයුක්ත තැටි බොහෝම අපූරුවට ඔවුනගේ කරත්ත රෝද ලාංචනය ද සියුම්ව ඔවුනගේ දුරකථන අංකය, එසේත් නැත්නම් වෙබ් අඩවියේ ලිපිනය සදහන් කිරීමට ඔවුන් පසුබට වන්නේ ද නැත. දැන් මොකද වෙන්නේ සමහර බෞද්ධයන් ඔබවහන්සෙලාගේ දෑතින්ම දෙන නිසා බොහොම ගෞරවයෙන් නිවසට ගෙන ගොස් ඔවුනගේ පරිඝනකයට ඇතුල් කල විගස පලමුවෙන්ම ඇසෙන්නේ යම කෙනෙකුගේ දේශනාවකි. මෙවිට මොවුන්ට සිතෙන්නේ මේ ස්වාමින්වහන්සෙ නමකගේ කටහඩක් කියායි මොකද ඔවුන් දන්නේ නැහැ මේ ගිහියෙක් බව. දැන් මොවුන් තවත් පරීක්ෂාකාරී වෙන අතර මේ කවුරුන් ද කියා සොයා යෑමේ දී මොවුනගේ විස්තර සොයා ගන්නවා වගේම 50% – 60% පිරිස ඔවුනට කතාකරන අතර තව දුරටත් මෙම සංයුත්ත තැටිය පරීක්ෂා කිරීමේ දී ත්‍රිපිටකයත් හමුවෙනවා…ඔවුන් සාදු..සාදු කියමින් ඔවුනට පිං දී, ඔවුනගෙ ඊලග ධර්ම දානයට තමා ද හවුල් කරගැනීම සදහා ඔවුනට ආයාචනා කරනු ඇත. කොහොම ද සූක්ෂම වැඩ පිළිවෙල. පසුව ඔවුන් ලගට යන මේ අහිංසකයන්ට ත්‍රිපිටකය වැරදි කොනින් අල්ලා ගෙන ත්‍රිපිටකයේ සූත්‍ර පෙන්නා ගෙරි මසුත් කන්න පුරුදු කරලා තමයි මොවුන් නවතින්නේ(මේ සම්බන්දයෙන් හෙලිදරව්ම හඩපටි සමගම ඔබට ඉදිරියේ දී ඉදිරිපත් කරන්නෙමු) .සුළුවට සලකන්න පුලුවන් ද ඔබවහන්සෙලා නො දැනීම ඔබවහන්සෙලාගේ ගමේ අහිංසක බෞද්ධයන්ට සිදුවන විනාශය, ත්‍රිපිටක ධර්මයට සිදුවන හානිය, සාසනයට සිදුවන් හානිය.

මෙම අදායමෙන් ඔවුන් නිකමුන් ලෙස ජීවත් වෙමින් තවදුරටත් ක්‍රමයෙන් ලංකාව පුරා ව්‍යාප්ත වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා. ඔවුනගේ ගොදුරු බවට අද පත්වී සිටින්නේ පන්සල, තරුණ ස්වාමීන්වහන්සෙලා. අප ඉතාමත් කරුණාවෙන් ඔබවහන්සෙලාගෙන් ඉල්ලා සිටින්නේ නොමිලේ ධර්ම දාන දෙන ලෙසට එන ගිහියන් ගැන ඉතාමත් පරීක්ෂාවෙන් සිටින ලෙසටයි. එලෙසම ධම්ම දානමය පිංකම් වලට මුදල් ආධාර ලබා දෙන දෙස්විදෙස් ගිහි පිංවතුනේ ඔබත් ඉතා සැලකිමත් වීම ඉතාමත් වැදගත් සමහර විට ඔබ පිංකම් කියා මෙවැනි වංචාකාරයින්ගේ ගොදුරු බවට පත් වී පිංකම් වලට නොව මෙවැනි පව්කම් වලට  නොදැනීම ඔබ සම්මාදම් වීමට පුළුවනි. එය මොවුනගේ පව්කම් දිගට පවත්වාගෙන යාමට රුකුල් දීමක් ද වී ඔබ ද, පව් පුරවා ගනු ඇත.  මෙම කූට වංචාකාරයන්ගෙන් අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රිමුඛ දේශනාව ඇතුලත් ත්‍රිපිටකය බේරා ගනිමු. මොවුනගේ මෙම කූට වෙළදාමට ගොදුරු වී ඇත්තේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව යි. 

මෙන්න බලන්න ඔවුන්ගේ වෙබ් පිටුවේ ඔවුන්ගේ දුරකතන අංක ඔවුනගේ පින්තූර, නම සදහන් කර ඇති ආකාරය (About Mentor යන පිටුවේ). ඔවුනට අවශ්‍ය නම් ධම්ම දාන පින, එනම් ත්‍රිපිටකය අන්තර්ජාලයට එකතු කිරීම එයම ප්‍රමාණවත්. එය මහත් ආනිසංස ගෙන දෙන පින් කමක්. නමුත් මොවුන්ගේ අරමුන පිවිතුරු නොවන නිසාත්, මෙහි යටි අරමුණ මුදල් හම්බ කිරීම නිසා මොවුන් මෙසේ සිදුකරනවා අතිශූක්ෂම ලෙස. අහෝ මොවුනට යන්නට වෙනත් අපායක් වෙනම නිර්මානය වෙයි.

ඔවුන් මේ පාපකර්මය දිගටම සිදුකරගෙන යන්නේ නම් තව දුරටත්,මොවුන් විශේෂ දිනවල සූක්ෂමව ක්‍රියාත්මක වන ආකාරයත් ලගදීම හෙලිදරව්ව 2 මගින් ඔබ වෙත ගෙන එන්නෙමූ.

මෙය අවබෝධ කරගෙන මෙම පාපයන්ගෙන් ගැලවී පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය වෙළද භාණඩයක් නොකොට ලොවට දායා ද කරමින්, තම තමනුත් මේ නිවන් මාර්ගයේ අවබොධයෙන් ගමන් කිරීමට ශක්තිය ලැබේ වා!

අපට හැකියාව තිබියදීත් මෙම නම්ගම් සදහන් කිරීමට, සංයුක්ත තැටි වල පින්තූර ඇතුල කරන්න. අප එසේ නොකළේ, ඔවුනගේ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ඔවුනට ලබා දිය යුතු කියා සිතන නිසයි.

මේ සම්බුද්ධ සාසනය කියන්නේ නොමිලේ ධර්ම දානය සැමට බෙදා දීම මිස මෙම උතුම් සද්ධර්මය විකුණන් කන්නන් හට   මෙසේ ඉඩ දීම සාසනයට කරන මහත් විනාශයකි. බාල, තරුණ ස්වාමීන් වහන්සෙලා වුවද මෙම කූට වෙළද ව්‍යාපාරිකයන්ට හසු විය යුතු නොවේ. ඔවුන් නොයෙකුත් ආකාරයෙන් යම් යම් ප්‍රතිලාභ පෙන්වා, පන්සල් දියුණු කරන ලෙස පෙන්වා පසුව අපේ ගමේ අහිංසක බෞද්ධයන් ඔවුනගේ ග්‍රහනයට ඉතාමත්ම සියුම් ලෙස ගමේ පන්සලේ ස්වාමීන් වහන්සෙලා තුලින්ම ගන්නා බව පන්සල් වල හාමුදුරුවන්ට තේරුම් යන විට පමා වී වැඩි වන්නට පුළුවන. අන්තිමට ගමේ අහිංසකයන් පන්සලිනුත් ඈත් වීම නැවැත්විය නොහැකි වනු ඇත

ඔවුන් තවදුරටත් මෙම විනාශය කරගෙන යනවා නම් නම්ගම් සියල්ල එලිකිරීමට අප නොපැකිලෙන්නෙමු.

ඔවුන් තවදුරටත් මෙම විනාශය කරගෙන යනවා නම් නම්ගම් සියල්ල එලිකිරීමට අප නොපැකිලෙන්නෙමු. එපමනක් නොව බෞද්ධ සාසනය සුරැකීමේ ලා මහත් කර්තව්‍යන් සිදුකරන සියලුම බෞද්ධ සංවිධාන වලට මෙම සාක්ෂිත් සමග ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නෙමු. එසේම ඔවුන් මේ දේවල් සිදුකරගෙන යන ස්ථාන, සූක්ෂමව පිංකම් කරන ලෙස පෙන්වා විශේෂයෙන්ම විදෙස් වල සිටින අහිංසක බෞද්ධයන්ගෙන් වංචාකාරී ලෙස මුදල් එකතු කරන ආකාරය අප මුළු ලොවටම එලිකිරීමට කටයුතු කරන්නෙමු.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15153

Leave a Reply