Pavethma haa Nevathma – Ven Katukurunde Ñāṇananda Thero

Pawathmaපැවැත්ම හා නැවැත්ම – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

මේ ශාසනයේ නිවන් දැකීම සඳහා දරණ උත්සාහය මාර සංග්‍රාමයක් හැටියටයි හඳුන්වලා තියෙන්නෙ. රාගාදි කෙලෙස් සමූහය මාර බලවේග හැටියට ඉදිරිපත් වෙලා නිවන් මඟ ආවරණය කරනව. ඒක නිසා නිවන් බලාපොරොත්තු වන කෙනා ඒ බලවේගවලට යට නොවන අන්දමින්, ඒ බලවේග හමුවේ නොසැලී සිටින අන්දමින්, ඊට සුදුසු පැවැත්මක් සකස් කරගත යුතු බවයි. බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දෙන්නේ.

මේ පංචස්කන්ධය කියල කියන මේ ගොඩවල් පහ ගැනයි. මේ ගොඩවල් පහ පිළිබඳව මමය, මාගේය කියන හැඟීම ඇතිකර ගැනීමම සංස්කාරයක් කියල දක්වනව. රූපය ආත්මය හැටියට දැකීමත් එසේ සැළකීමත් සංස්කාරයක්. මේ තියන රූපය තමාගෙ එකක් හැටියට සළකනවා. වේදනාව තමාගෙ එකක් හැටියට සළකනවා. ඔය විදියට සිත තුළ ඇති කරගන්න සකස්කිරීම් ගොඩක් තුළිනුයි, මේ පැවැත්මක් කියල – භවයක් කියල දෙයක් මැවෙන්නෙ. ඉතින් බුදු පියාණන් වහන්සෙ දක්වන්නෙ මෙන්න මේ පැවැත්ම වෙනුවට නැවැත්මක්.

මේ සංසාරය සම්පූණයෙන්ම දුක් ගොඩක් කියන එකයි බුදු පියාණන් වහන්සෙගෙ දේශනාව. තනිකරම මේ මුළු මහත් පංචස්කන්ධයම, අපි මේ සැපෙයි කියල ගන්න ඒව හිටන් ඔක්කොම එකතු කරල බුදු පියාණන් වහන්සේ බය නැතුව කියනවා, තනිකර මේ පංචස්කන්ධයම දුක් ගොඩක් කියල. ඒක අවබෝධ කර ගැනීම සාමාන්‍ය ලෝකයාට අමාරුයි. මොකද මේවා සුභ අරමුණු වශයෙන් ගැනීම නිසා, ශුභයි හොඳයි කියල ගැනීම නිසා, අවිද්‍යාව වශයෙන්, මෝහ වශයෙන් ඒවා අමතක වෙනව. එහෙම ස්වභාවයක් තිඛෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පංචස්කන්ධය ගැන කලකිරීමක් ඇති කර ගන්නෙ නැතුව කිසිදාක සංසාරෙන් මිදෙන්න බෑ කියල.

අන්න ඒක නිසා තමයි කෙනෙක් ව්‍යාපාරිකයෙක් හෝ වේවා, මහා උගතෙක් හෝ වේවා, තව නොයෙකුත් දේවල් ලබාගත්තු කෙනෙක් හෝ වේවා, ඒ තැනැත්තා ප්‍රත්‍යක්ෂ වශයෙන් අර විදියට දුක් මහන්සි වෙලා විදර්ශනා වඩලා මේ තත්ත‍වය අවබෝධ කරගන්නා තාක් මේ සංසාරෙන් මිදීමක්. නියම සැනසීමක් ලබාගන්න බෑ. එතකොට සංස්කාරයන්ගේ සංසිඳීමම සැපයක් කියල බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. ~~තෙසං වූපසමො සුඛො~~ කියල කිව්වෙ ඒකයි. ඒ සන්සිදීමට හේතු වන්නෙ අන්න අර ප්‍රඥාවයි. අවබෝධයයි. විදර්ශනා ඥානයයි.

Download

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15140

3 comments

    • indika on October 7, 2013 at 12:28 am
    • Reply

    this link is not working (Pawathma ha Newathma)

    1. Thank you very much Indika for your information. Now it was corrected. Theruwan Saranai

    • prabath on February 18, 2014 at 5:17 pm
    • Reply

    නිර්වාණ අව ෙබා්ද කිරිෙම්දි ප්‍රාර්ථනා ෙබා්දියකින් නිවන්පැතිම යනු කුමක්ද? නිර්වාණය හා ෙබා්ධිය අතර සම්බන්ධය කුමක්ද පැහැදිලි කරගන්න විදියක් පවසන්න. 
    කළණ මිතුරු ඔබට බුදු සරණයි. 

Leave a Reply