Sankha Suthraya, Samyuktha Kikaya, salayathanavagga, gaminisamyuktha

Hakgidiyaවටිනාසූත්‍රයක් තියනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය  සංයුත්‌තනිකාය, සළායතනවග්‌ගපාළි, ගාමණිසංයුත්‌තං (සංයුත්‌තනිකාය-04, පිටු අංක 574).

නමින්. සංඛ කියන්නේ හක්ගෙඩිය. ඒ පිළිබඳ කථා ප්‍රවෘත්තියයි දැන් අපි විශේෂයෙන් කියන්නේ. මේ පින්වතුන් සමහර විට අහලා නැති නිසා. අනිත් ඒවා නම් ඔය ප්‍රකට දේවල්, මෙතෙක් සඳහන් කළ ඒවා. මේ පිංවතුන්ට පහසුවෙන් සලකාගන්න පුළුවන්.

මේ සංඛසූත්‍රය පිළිබඳ කථාන්තරය මෙහෙමයි සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරික අඹ වනයේ වැඩ වාසය කරනකොට අසිබන්ධකපුත්ත කියනනිගණඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දකින්ට ඇවිල්ලා ඉඳගත්තා. බුදුරජාණන්වහන්සේ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා .ගාමණී,

මොකක්ද ඔබේ ශාස්තෘන් වහන්සේ –නිගණ්ඨනාථ පුත්ත – දේශනා කරන ධර්මය. එතකොට ඒ ධර්මයේ කොටසක් ගාමිණී කියනවා ~ස්වාමීනී අපේ ශාස්තෘන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. යම් කෙනෙක්ප්‍රාණඝාතය කරනවා නම් .යම්තාක් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් – ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම නිරයට අපායට යනවා. යම කෙනෙක් අදින්නාදානය කරනවා නම්, හොරකම් කරනවා නම්, නිරයට- අපායට නියතයි. ඊළඟට කාමමිථ්‍යාචාරය ඒ පාපකර්මය කළොත් ඒත් නිරයට. මුසාවාද- බොරු කීවොත් යම් කෙනෙක්, ඒත් අපායට යනවා කියලා ඊළඟට ඒකේ සිද්ධාන්තයත් ඒ එක්කම ප්‍රකාශ කරනවා. ~යං බහුලං යං බහුලං විහරති තෙන තෙනනිය්‍යාති.~ ඒ පාඨයෙන් කියවෙන්නේ යම් යම් ආකාරයට බහුල වශයෙන් ජීවත් වෙයිද, විහරණය කරයිද, වෙසෙයිද, ඒ ඒ විධියට පරලොව තත්ත‍වය වෙයි. ඕක කිව්ව හැටියෙ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා .එහෙම නම් ගාමණී ඔය නිගණ්ඨ නාථපුත්තගේ ධර්මයට අනුව කවුරුත් නිරයට යන්නේ නැහැ නේ.~ එතන සියුම් තර්කයක් බුදුරජාණන් වහන්සේ නගන්නේ.

Download

උපුටා ගැනීම පූජ්කටුකුරුන්දේ ඥාණනන්ද හිම විසින් රචිත භාවනාමාර්ගයපොතේ පිටුඅංක 10 සිට 12 දක්වා. මෙම සම්පූර්ණ පොත බාගැනීමපිවිසෙන්න. භාවනාමාර්ගය 

Link

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14867

Leave a Reply