බුදුපියාණන් වහන්සේ පහළ වෙනතාක් ලෝකයා හිතුවෙ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදියට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති උනෙ. ඇත්ත වශයෙන් ආර්‍ය්ව්‍යවහාරයට අනුව- උපතක් ඇති උනා කියල කියන්නෙ ලෝකයක් මැනීමට, ලෝකයක් තැනීමට, කුඤඤයක් ගැහුව වගෙයි– ~මෙතනක්~ ඇතිවීම. ඔය විධියට ජාතිය වශයෙන් කෙනෙක් උපදින කොටම, ඉපදීමත් එක්කම ලබන පළමුවෙනිම ~උපන්දිනතෑග්ග~ තමයි මරණය.
පසුකාලීන ගාථාවක් – නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි: ~උපපතතියා සහෙවෙදං – මරණං ආගතං සදා~ ආදි ගාථාව. ~උපතත් සමගම හැම කල්හිම මරණය එනවා~ කියන එක. ඈඳුත්තකින් එකක් ඇදල ගන්න කොට, අනිත් එකත් ඇදිල එන්න වගේ: ජාතිය ඇදලගන්න කොට ජරාමරණයත් ඇදිල එනව. බුදුපියාණන් වහන්සේ උදාන පාළියෙ දක්වනව, මේ ලෝක සවභාවයම, මේ ලෝකයා, ~භවය~ කියල අල්ල ගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම~අඤඤථාභාවයක්~ – වෙනස් වීමක් – අනිත්‍යතාව ඒකෙම ඇතුල් වෙලා තියෙන්නෙ. භවය තමයි භයට හේතුව, මේ භවය පිළිබඳව ඇල්ම ඇතිකර ගැනීම. යදභිනනදති තං භයං – යසස භායති තං දුකඛං~ – ~බිය වන්නෙ ඇලූම් කරන ඒව වෙනස් වෙයි කියල. ඒ නිසා, ඒකම දුකක්. අන්න ඒ නිසාම, ~භව විපපහානාය ඛො පනිදං බ්‍රහමචරියං වුසසති~ – ~ඒ භවයෙන් මිදීමට, භවය ප්‍රහීන කිරීම සඳහා, බ්‍රහමචරියෙහි හැසිරෙනව~ කියල – බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා.මෙතනිනුත් අපට පෙනෙනව භවය අඤඤථාභාවයම සවභාව කොටඇති බව. මෙන්න මේ ධමතාව දැකීම තමයි ඉදපපචචයතාවෙ මූලිකමඅදහස.
දීඝ නිකායෙ මහා නිදාන සූත්‍රයෙ තිඛෙන පටිචච සමුපපාද විග්‍රහයෙ එන එක්තරා ඡේදයකට අනුව බුදුපියාණන් වහන්සෙ වදාරනව: ~~එතතාවතා ඛො ආනනද ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා උපපජෙජථ වා, එතතාවතා අධිවචන පථො එතතාවතා නිරුතතිපථො එතතාවතා පඤඤතතිපථො එතතාවතා පඤඤාචචරං එතතාවතා වටටං වටටති ඉතථතතංපඤඤපනාය යදිදං නාමරූපං සහ විඤඤාණෙන~~ කියල.~~ආනනදය, මෙතෙකින්ම කෙනෙක් උපදනේ වෙයි. දිරන්නේ වෙයි. මැරෙන්නේ වෙයි. චුත වන්නේ වෙයි. යළි උපදනේ වෙයි.මෙතකින්ම – මේ තාක් දුරට – අධිවචන මාගයක් වෙයි. මේතාක් දුරට නිරුක්ති මාර්ගයක් වෙයි. මේ තාක් දුරට ප්‍රඥප්ති මාර්ගයක් වෙයි. මේ තාක් දුරට ප්‍රඥ්ඥාවගේ බැස ගැනීමක් වෙයි. ඉතථතවයක් පෙන්නුම් කිරීම සඳහා මේ සංසාර වටටය, සංසාර නමැති මේ දියසුළිය, මෙතෙක් දුරට කරකැවෙයි, එනම් නාමරූපය විඤඤාණය සහිත වූ කල්හි.~~………
[pdf]http://www.dhammikaweb.com/pdfs/diya_suliya.pdf[/pdf]
.
Recent Comments