Pujawaliya

 Pujawaliyaපූජාවලිය –  මයුරපාද පරිවේනාධිපති

පූජාවලී නම් වූ මේ මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ස්වභාෂාභිවුද්ධි කාමීන්ගේ ප්‍රයෝජනය පිණිස නවගුණ පාඨයට අයත් අරහංයන්න මාතෘකා කොට බුද්ධ වර්ෂ 1809 ටත් 1818 (ක්‍රි .ව. 1266-75) ටත් අතර කා‍ල‍ය තුල සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී රචනා කරන ලද්දකි.

පූජාවලිය පොත ලිවීමට ආරාධනය කලේ දේවප්‍රිතිරාජඇමතියා ය. එකල වැඩ සිටියේ පළාබත්ගලප්‍රිතිරාජපිරිවෙන් විහාරයේ ය. මාතෘකාව නවගුණ පාඨයට අයත් අරහංයන්න ය. දීපංකර ප්‍රණිධියෙහි පටන් බුදුන් පිරිනිවී 1809 දක්වා මෙ දැතුරෙහි දිව්‍ය-බ්‍රහ්මාදීන් විසින් පවත්වන ලද පූජාවන් සංග්‍රහකොට කරණ ලද හෙයින් මෙයට පූජා+වලී= පූජා පංක්තිය (=පෙළ =වැළ) යන අන්වර්ථනාම ය තබා තිබේ. පොත ලිවීමට හේතු වූයේ ධර්මදානයෙන් බුදුරදුන් පුදා තමන්ගේ අභිමතාර්ථ (බුද්ධත්ව)ය සාදා ගැනීම ත්, දෙවැනි පැරකුම්බා රජු ලවා බුද්ධත්වය ප්‍රාර්ථනා කරවීම ත් ය. තව ද, ස්වභාෂා ලිඛිත වූ ධර්ම ව්‍යාඛ්‍යාන කථාවෝ ද අ‍ටමහ ලෝවැඩක් කරන්නා හු යයි වැඩි දුරටත් මෙහි ප්‍රයෝජනය විස්තර කර යි මෙහි ප්‍රමාණය පරිච්ජේද 43 කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14723

Leave a Reply