Panchakama Sampatthiya (05) – Ven Katukurunde Ñāṇananda Thero

 monk_unnamedතරුණකම, මහණකම සහ  පංචකාම සම්පත්ති අනුභවය .                

ලෝකයේ තියෙන ගැටලු, මතබේද, වාදවිවාද රාශියක්ම භාෂා ව්‍යවහාරය නිසා පැන නගින බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය තුලින් හෙලි කර වදාළා. ලොකුම ගැටලුව වන සංසාර ගැටලුවටත් හේතුව ඒකයි. මේ බව ප්‍රකාශ කෙරෙන වටිනා ගාථා දෙකක් තමයි අද දේශනාවට මාතෘකා කර ගත්තේ. එම ගාථා දෙක එන්නේ, සංයුත්‌තනිකායේ – සගාථාවග්‌ගයේ-දෙවතාසංයුත්‌තයේ එන 10 සමිද්‌ධි සූත්‍රයෙහි ය.

‘‘අක්‌ඛෙය්‍යසඤ්‌ඤිනො සත්‌තා, අක්‌ඛෙය්‍යස්‌මිං පතිට්‌ඨිතා;-අක්‌ඛෙය්‍යං අපරිඤ්‌ඤාය, යොගමායන්‌ති මච්‌චුනො. ‘‘අක්‌ඛෙය්‍යඤ්‌ච පරිඤ්‌ඤාය, අක්‌ඛාතාරං න මඤ්‌ඤති;  –  තඤ්‌හි තස්‌ස න හොතීති, යෙන නං වජ්‌ජා න තස්‌ස අත්‌ථි;

මේ ගාථා දෙකට හොද ධර්ම රසයක් ඇති නිධාන කතාවකුත් දැක්වෙනවා…සමිද්ධි ස්වාමින්වහන්සේ අලුයම් කාලේ අවදිව පැන් පහසු වී අඳනය පමණක් ඇතිව සිරුර වේලෙනකම් සිටගෙන සිටින විට එක්තරා දේවතාවෙක් අහසේ සිටම මෙසේ ප්‍රකාශ කළා.  ‘‘අභුත්‌වා භික්‌ඛසි භික්‌ඛු, න හි භුත්‌වාන භික්‌ඛසි; භුත්‌වාන භික්‌ඛු භික්‌ඛස්‌සු, මා තං කාලො උපච්‌චගා’’ – මහණ ඔබ පංචකාම සම්පත්තිය අනුභව කර නොවේ මේ භික්ෂාවෙන් යැපෙන මහණකම ට පැමිණියේ” ඔබ පංචකාම සම්පත්තිය අනුභව කල පසු මහණකම ට යන්න”  මේ පංචකාම සම්පත්තිය අනුභව කරන්න තියෙන තරුණ කාලය ඔබ ඉක්මවා යන්න දෙන්න එපා” කියා ධර්මානුකූල නොවන ආරාධනාවක් කළා. 

 සමිද්ධි ස්වාමින්වහන්සේ  ඒකට දෙන පිලිතුර ‘‘කාලං වොහං න ජානාමි, ඡන්‌නො කාලො න දිස්‌සති; තස්‌මා අභුත්‌වා භික්‌ඛාමි, මා මං කාලො උපච්‌චගා’’. – මම දන්නේ නැහැ මම මැරෙන වෙලාව” ඒ මැරෙන වෙලාව මට ආවරනය වෙලයි තියෙන්නේ, ඒ නිසා මට ඒක පේන්නේ නැහැ. එම නිසා පංචකාම සම්පත්තිය අනුභව නොකරම මහණකම ට පැමිණී මේ භික්ෂාවෙන් යැපෙනවා. මේ අදහසින් මහණකම කරන්න හොද තරුණ කාලය මා ඉක්මවා නොවේවා යන අදහසින් මා මහණකම ට පැමිණියෙමි. එසේ ප්‍රකාශ කළ නමුත් දේවතාව එතනින් නැවතුනෙ නැහැ. බිමට බැහැල අර ගාථාවෙන් කල ආරාධනාවට තවත් තවත් පොහොර දමන්නා සේ “ ඔබ මේ මනුස්සයන්ටත් අයිති පංචකාම සම්පත්තිය අනුභව කරන්න……………

‘අක්‌ඛෙය්‍යසඤ්‌ඤිනො සත්‌තා, අක්‌ඛෙය්‍යස්‌මිං පතිට්‌ඨිතා;  අක්‌ඛෙය්‍යං අපරිඤ්‌ඤාය, යොගමායන්‌ති මච්‌චුනො.  සත්වයෝ වචනයෙන් නම් කළ කිව යුක්ත පිළිබඳව සංඥ්ඥාව ඇත්තාහු ය.  සත්වයෝ වචනයෙන් හෝ නම් කළ කිව යුතු දේ පිළිබඳ සංඥ්ඥාව ඇත්තාහු ය. නම් කළ කිව යුතු දේ මතම මේ සත්වයෝ පිහිටියාහු ය. මේ නම් කළ කිව යුතු දේ පිළිබඳව පිරිසිඳ අවබෝධය නැති නිසා මාරයාගේ වියගහ යටට යනවා, මාරයගේ බැම්මට යට වෙනවා. සංසාරයේ දිගට දිගට යනවා.  

.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14613

Leave a Reply