«

»

Feb
19

Vidhasun Upades – Ven Katukurunde Ñāṇananda Thero

vidasun_Upadesවිදසුන් උපදෙස් - පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිම

විදර්ශනා භාවනාවේ දී පිළිපැදිය යුතු මනසිකාර විධිය සහ ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාව අළලා දේශිත මෙම “විදසුන් උපදෙස්” දෙසුම ධම්ම පදයේ එන ගාථාවක අර්ථ කථනය ස්වරූපයෙන් විකාශනය වන්නකී. 

මුලින්ම සදහන් වෙනවා ඒ භාවනා මනසිකාරයේ යම්කිසි දියුණු තත්වයක්. යම් කෙනෙකුගේ සිත  සම්බොජ්ජංග පිළිබඳ මැනවින් වැඩුණු තත්වයකට, දියුණු තත්වයකට පැමිණ පවතී ද කියන එකයි.

මේ  සම්බොජ්ජංග සදහන් වන්නේ  බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය, ඒවායින් ඊලගට සතර සම්‍යක් ප‍්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල-මේවා දියුණු කිරීමෙන්-මේවා ක්‍රමානූකූලව දියුණු කිරීමෙන් කෙනෙකු තුල මේ  බොජ්ජංග  ධර්ම වැඩෙනවා. බුදුපියාණන් වහන්සේගේ බෝධිපාක්ෂික ධර්ම දැක්වීමේ දී එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒවා එකක් වඩලා, කලකට පස්සේ අනිත් එක වැඩීම වගේ දෙකක් නොවෙයි. නමුත් ඒවායේ යම්කිසි ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒ බොජ්ජංග  ධර්ම මේ තරම් මේ සුභාවිත තත්වයට වැඩෙන අවස්ථාව වනකොට, අර අනෙකුත් කියන දේවල් හුගක් දුරට වැඩිල. මේ සුභාවිත තත්වයට හිත වැඩෙන්නේ   බොජ්ජංග තුලින්.   මේ  බොජ්ජංග හත පිළිබඳව එක්තරා පෙලගැසීමක් ඇති තැනට පත්වීමෙන්……….

ඊලගට තවත් පැත්තකින් මේ බොජ්ජංග ධර්ම වැඩීම ගැන හිතල බලන කොට, මුල් අවධියේ දී, මුල් අවස්ථාවේ දී මේ ධර්ම පෙලගස්වන්න අමාරු බවක් පේනවා අර ඉන්ද්‍රීය සමතාවය ගැන ප්‍රකාශ කරනවා වගේ 

ඔබගේ නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

Read
Download

.



Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>