Patichcha Samuppadaya (03) – Ven Katukurunde Ñāṇananda Thero

Vignnanaකොටස් වශයෙන් පල කරන්නට යෙදුනපටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක්

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

පටිච්ච්සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඤ්ඥාණයත්, නාමරූපයත් අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවය ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පසු ගිය දේශනා දෙකක දීම අපි මේ අන්යෝන්‍ය සම්බන්ධතාව දියසුළියකට උපමා කළා.දියසුළියක ගැඹුරුම තමා පාතාලය, අද මේ අපි ගත්ත ප්‍රේහේලිකා ගාථාවේ පාතාලයක් ගැන සදහන් වෙනවා. 

එක මුලක් ඇති දෙකක් අතර කරකැවෙන, තිලිටි මල තුනක් ඇති, පස් ආකාර පැතිරීමක් ඇති, දියසුළි දොලසක් ඇති, සමුද්‍රයේ පාතලයෙන් රිෂිවරයා එතෙර විය. මෙහි ප්‍රේහෙලිකා ගාථාව විතරයි තියෙන්නේ. මෙය තේරුම් ගන්න අමාරුයි. අටුවාවෙත් එක එක තේරුම් දෙනවා. ඇත්ත වශයෙන් අමාරුයි කියා කීවාට මේ ගාථාවේ දැක්වෙන උපමා සූත්‍ර දේශනා වල එක් එක් තැන් වල තිබෙනවා. 

කොටින්ම ආරම්භයක් වශයෙන් කීවොත්, “පාතාලය” කියන වචනයෙන්ම පටන් ගතහොත්, පාතාල කියා සූත්‍රයක් තියෙනවා (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-වෙදනාසංයුත්‌තං, 4. පාතාලසුත්‌තං – සූත්‍රයේ පිටුව )   එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘සාරීරිකානං ඛො එතං, භික්‌ඛවෙ, දුක්‌ඛානං වෙදනානං අධිවචනං යදිදං ‘පාතාලො’ති. -මහණෙනි!’ ශාරීරික දුක්වේදනා වලටම වෙන නමක් තමයි පාතාලය කියන්නේ’  ඔන්න එතකොට පාතාලය මේ පිංවතුන් හඳුනා ගත්තා…

ඊලගට “සමුද්‍රය” කියන්නේ මොකක් ද කියන එකත් අපට හසුවෙනවා, (සංයුත්‌තනිකාය-සළායතනවග්‌ගපාළි-සළායතනසංයුත්‌තං,18.සමුද්‌දවග්‌ගො, පඨමසමුද්‌දසුත්‌තංසූත්‍රයේ පිටුව)  -එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා ‘චක්‌ඛු, භික්‌ඛවෙ, පුරිසස්‌ස සමුද්‌දො; තස්‌ස රූපමයො වෙගො. යො තං රූපමයං වෙගං සහති, අයං වුච්‌චති, භික්‌ඛවෙ, අතරි චක්‌ඛුසමුද්‌දං සඌමිං සාවට්‌ටං සගාහං සරක්‌ඛසං;   තිණ්‌ණො පාරඞ්‌ගතො ථලෙ තිට්‌ඨති බ්‍රාහ්‌මණො…මෙහි තේරුම ‘ මහණෙනි මේ ඇස පුරුෂයෙකුට සමුද්‍රයකී. මේ සමුද්‍රයේ රූප නමැති රළ වේග තියෙනවා.යම් කෙනෙක් මේ රූපමය රළ වේග දරා ගනී ද, එහෙම නැත්නම් ඒවාට ඔරොත්තු දෙනවා ද, එබඳු ඒ පුද්ගලයා හඳුන්වන්නේ, ඒ පුද්ගලයා රළ සහිත, දියසුළි සහිත, ග්‍රහණ සහිත(එන්නම් අල්ලා ගැනීම සහිත ), රකුසන් සහිත මේ චක්ඛු සමුද්‍රයෙන් එතෙර වෙලා එගොඩට ගිහින් සිටින භ්‍රාහ්මණයා ලෙසටයි…..

.  

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14433

Leave a Reply