දිවි කතරේ සැඳෑ අඳුර – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
උදේට උදාවන ඉර හවසට බැහැලා යනවා. අරුණින් ඇරඹෙන දවසේ ආලෝකය සැඳෑ අඳුරින් කෙළවර වෙනවා. සොබාදහමට අනුව දවසට හිමි මේ ධර්මතාව අපේ ජීවිතයටත් පොදුයි. හිරු අවරට යන බව අපට පහසුවෙන් වැටහෙන නමුත් ජීවිතය අවරට යන බව සාමාන්‍යයෙන් අමතක වෙනවා. ජරා ව්‍යාධි මරණ යන පද තුන බුදු පියාණන් වහන්සේ අපට නිතර සිහිපත් කර දෙන්නේ ඒ නිසයි.
ඇත්ත වශයෙන්ම කියනව නම් ජරාව ව්‍යාධිය මරණය කියන දේවල් ජීවිතයෙ අවස්ථා හැටියට සැළකිය යුතු නෑ. උපතත් සමඟම දිරීමේ ක්‍රියාවලිය ඇරඹෙනවා. ජීවිතයෙ මුල් අවධියේ දී වැඩීම ප්‍රකටයි¦ දිරීම අප්‍රකටයි. මැදි වයසෙන් පස්සේ දිරීම වැඩිය ප්‍රකට වන නිසා තමයි ජරා දුක මැදි වයසෙන් පස්සෙ ඇරඹෙන්නක් හැටියට සළකන්නෙ. මේ දිරීමට අත දෙන්නේ ව්‍යාධියයි. ශරීරය එකම රෝග කූඩුවක් වැඩෙන වේගයට වැඩිය දිරන වේගය වැඩි වෙන කොට රෝග වලට ඉඩ ලැඛෙනව. මරණය, ජීවිත පැවැත්මෙ කෙළවරදි සිද්ධවෙන දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් හිතන්නෙ. මේ ශරීරයෙන් විඥානය ඉවත් වෙලා වැඩකට නැති දඬු කඩක් වගේ ශරීරය දරදදඬු වෙලා නිශ්ක්‍රීය වීම මරණය හැටියට සළකනවා. නමුත් මරණයත් උත්පත්තිය එක්කම ඇවිල්ලා මේ ශරීරය තුළ පැලපදියම් වෙලා ඉන්න එකක්. හුස්ම දෙකක් අතර තියෙන්නේ මරණයයි. ගත්තු හුස්ම හෙළන්න බැරි වුනොත්¦ හෙළු හුස්ම වෙනුවට වෙන හුස්මක් ගන්න බැරි උනොත් එතැන මරණයයි. පණකෙන්ද තිඛෙන්නේ කොයිතරම් අවදානම් තත්ත්වයකින් ද කියලා ඒ අනුව හිතා ගන්න පුළුවන්.
Recent Comments