කොටස් වශයෙන් පල කරන්නට යෙදුන පටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක්
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
සසර පැවැත්ම එකම වට වලල්ලක යාමක් බව තථාගත සම්මා සම්බුදුරජානණ් ලෝකයාට හෙලි කළ වඳාළා. “සංසාරවට්ට” කියන වචනයේ නියම අර්ථයත් ඒකයි. “සංසරණය”, “නිස්සරණය” කියන වචන දෙකෙන් එලිදරව් වෙන්නෙත් වටවලල්ලක කරකැවීම සහ එයින් මිදීම කියන අර්ථය යි……..
යම් දේවතාවෙක් ඇසූ මෙම ප්‍රශ්නයට ( සංයුත්‌තනිකාය- සගාථාවග්ගො -දෙවතාසංයුත්‌තං,3.සත්තිවග්ගො 7.සරසුත්‌තං – 27. සූත්‍රයේ පිටුවට ‘‘කුතො -රා නිවත්‌තන්‌ති, කත්‌ථ වට්‌ටං න වත්‌තති; කත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. – කොතනින් දියවැල් නවතී ද? කොතනක දිය සුළිය නොකරකැවේ ද? කොතනක නාමයත්, රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝධනය වේ ද? වලක්වාලනු ලැබේ ද?
බුදුරජාණන් වහන්සේ මෙසේ පිලිතුරු වඳාළ සේක. ‘යත්‌ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; අතො සරා නිවත්‌තන්‌ති, එත්‌ථ වට්‌ටං න වත්‌තති; එත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣතී’’ති. යම් තැනක ආපෝ,පඨවි,තේජෝ, වායෝ කියන මහාභූත ධර්මයන් ප්‍රතිෂ්ඨාවක් නොලබයි ද, අන්න මෙතනිනුයි ඒ දියවැල් නවතින්නේ, මෙතනයි ඒ දියසුළිය කරකැවෙන්නේ නැත්තේ, මෙතනයි නාමයි,රූපයයි සම්පූර්ණයෙන්ම උපරෝධනය වන්නේ/ වලක්වාලනු ලබන්නේ. මේ ගාථා දෙකේම තියෙන වටිනාම වචනය, අපට පේන හැටියට “වට්ටන්” කියන වචනයි. නමුත් අවාසනාවට වගේ මේ පිංවතුන් බැලුවොත් මේ ගාථාවේ අර්ථය ත්‍රිපිටක පරිවර්ථන ග්‍රන්ථ වල, දකින්න ලැබෙන්නේ මෙන්න මෙහෙම එකක්, අත්ථ වට්ටං නවට්ටති කියන්නේ ” සසර වැසි කොහි නොවසී ද? කියලයි. කොයි තරම් දුර්වල එකක් ද. මේ වැහි කථාවෙන් පටිච්චසමුප්පාදයේ ගැඹුරු පැත්තක් ආවරණය වෙලා තියෙනවා, වැහිල යනවා……
බොහෝ දෙනා තොරන ආකාරයට නොවේ නාම-රූප කියන එක පෙන්නුවේ. කෙටියෙන් ගත්තොත් එය නියම නාමයක් නොවේ නාමස්වරූපයක්, නියම රූපයකුත් නොවේ එය නාමමාත්‍ර රූපයක් ඒ කිව්වේ නාම ධර්ම කියන එක අප පසුවටත් තොරනවා. සාමාන්‍යයෙන් දක්වනවා නම්, වේදනා, සංඥ්ඥා,චේතනා,පස්ස,මනසිකාර කියන ඒ හිත පිලිබඳ යම් ධර්ම පහක් ඒක ආස්‍රයෙන් තමයි මහාභූත ධර්ම, ඒවා හදුනා ගන්නේ අර නාමධර්ම තුලින්. ඒ හදුනා ගැනීම තුලින් රූප පිළිබඳව සංඥ්ඥාවක් ඇති කර ගන්නවා එතකොට………
.
To read this sermon in English click on below web link
The Law of Dependent Arising (02)
Recent Comments