Chalana Chiththraya – Ven Katukurunde Ñāṇananda Thero

Chalanaචලන චිත්‍රය- පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් දුටුවාහුද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකල තියෙනවාද? මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි ඒ චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය.(~තෙනපි ඛො භික‍ඛවෙ චරණෙන චිතෙතන චිතතඤෙඤව චිතතතරං~-) 

කෙනෙකුට හිතෙන්නෙ මේ චිත්‍රය ඇන්ද තැනැත්තා ගැනය, බුදුපියාණන්වහන්සේ කතා කරන්නෙ කියල… . මේ චිත්‍රය බලන පුද්ගලය මේ චිත්‍රය සිතින් මවා ගන්නව. ඇත්තවශයෙන්ම මේ චිත්‍රය ඇන්ද තැනැත්තා ගැන නොවෙයි මෙතන කියන්නෙ. අර නරඹන්නාගේ සිතේ තිබෙන,  දීර්ඝ කාලයක සිට පවතින රාග, ද්වේෂ, මෝහ, කියන ඒ ක්ලේශ ධමවලට පිං සිද්ධවෙන්න තමයි අර චිත්‍රය ආස්වාද කරන්න පුළුවන් වෙන්නෙ. ඒකෙ රස විඳින්න පුළුවන් වෙන්නෙ. කෙනෙක් කල්පනා කරනව සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැලපීම පමණයි කියල තණ්හාවෙන් කෙරෙන්නෙ. නෑ.

මේ හැම මොහොතක් පාසාම එකකට එකක් ගලපන්නෙ තණ්හාවෙනුයි. චිත්‍රපටයක් බලන කෙනෙක්, පළමු ජවනිකාව ඊළඟ ජවනිකාවත් එක්ක සම්බන්ධ කරලයි දෙවන එක තේරුම් ගන්නෙ…….මේ චිත්‍රපටිය රස විඳින්න ඕනෑ කරන අනික් බෙහෙත නන‍දිරාගසහගතා. මේ පිළිබඳව සතුටුවන ස්වභාවයක් සහ ඇලෙන බවක්. තණ්හාව විශේෂයෙන්ම ලාටුවක් වගේ – තණ්හාවට යෙදෙන පර්යාය පදයක් තමයි ‘ලේප’. ~විසතතිකා~ කියලත් යොදනව. යමක් අලවන කියන අර්ථය. ඇලෙන සුළු බව, මේ ‘රාග’ කියල කියන්නෙ, මේකෙත් තියෙනව අලවන අර්ථය. එතකොට තණ්හාව මගින්, ආශාව මගින්, මේ ජවනිකා සමූහය අලවනව…..

මෙතෙක් කිසිම සිනමාශාලාවක, සිනමා තිරයක චිත්‍රපටයක් පෙන්නල නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක, නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්නල නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට, නාට්‍යශාලාවලට ගිය අය චිත්‍රපට නාට්‍ය දුටුව. මේ කොහොමද සිද්ධ උනේ? සාමාන්‍යයෙන් අපි හිතන්නෙ මේ චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින්ය චිත්‍රපට නාට්‍ය හැදුවෙ කියල. නමුත් අවසාන වශයෙන් බුදුපියාණන් වහන්සේ චරණ චිත්‍රය ගැන වදාළ ඒ කාරණය අනුව අපි ගැඹුරින් කල්පනා කරල බලනව නම්, චිත්‍රපටයක් නාට්‍යයක් – ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට – නිෂ්පාදනය කරන්නෙ නරඹන්නමයි

.……පටිචචසමුපපාදයේ රහස මෙතනයි තියෙන්නෙ….

චිත්‍රපට, ටෙලිවෘතාන්ත නොකඩවා නරඹන යමෙක්, මනාව විග්‍රහ කර ඇති මෙම පොත අවබෝධයෙන් කියවා,  රූපවාහිණියෙන්  විකාශය වන ටෙලිවෘතාන්තයක් දකිනා විට යමක් තේරුම් ගත්තේ ද, එවිටම එම පුද්ගලයා තමා තුලම සැගවී තිබූ රාග, ද්වේෂ, මෝහ අවබෝධ කර ගෙන, නිවන සොයා යන ගමනට පිවිසෙනු නො අනුමානයි. 

ඔබගේ නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/chalana_chiththraya.pdf[/pdf]

.


Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14224

Leave a Reply