Hitha Thaniema – Ven Katukurunde Ñāṇananda Thero

compress_hitha_හිත තැනීමපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්න පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න.

ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්න ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සෙ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව – සතිය එතන උපකාර වෙනවා, සති සම්පජඤ්ඤය කියන වචන දෙක සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි, ඒ දෙක යොදලා – ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන්, පුළුවන් ඉක්මනින්, ආයිත් අර කණුව ළඟට ගේනවා. කමටහනට ගේනවා. හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි.

විතර්කවලට යටවුනාට පස්සේ සිද්ද වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්න පුළුවන් “ප්‍රපංචයකියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යෑම නිසා අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයකට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහේදවත් නොදන්න තරමට.

ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙත් දක්වලා තියෙනව. ~~යං වෙදෙනි තං සඤජානාති~~ යමක් විඳීද එය හඳුනාගනී~~ ~~යං සංඤ්ජනාති තං විතකෙකති~~ හඳුනා ගන්නා දේ පිළිබඳවයි විතර්ක සිතිවිලි පවත්වන්නේ. ~~යං විතකෙකති තං පපඤෙචති~~ යමක් පිළිබඳ විතර්ක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබඳව ප්‍රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මුලක් ගන්න බැරි විදිහේ මහා වැල් වටාරම් සිතිවිලි රාශියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලිවලටම යටවෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? අන්න අර ~~අයෝනිසෝමනසිකාරය~~ නිසා.

නිවන් දකින්න බලාපොරොත්ත වන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිඛෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධම, ඉදිරිපත් විය හැකි මාර බාධක ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිඛෙනවා. මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදුපියාණන් වහන්සේයි. අපට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳව අවස්ථානුකූලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයා, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, දේශනා කොට වඳාළ සිතේ සාමාන්‍යයෙන් බලපවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබඳව යම්කිසි අවබෝධයක් මෙම පොතෙන් ඔබට ලබා ගත හැකි බවට අපගේ විශ්වාසයයි.

අද ශ්‍රී ලංකාව පුරා පැතිර පවත්නා අලුත් රැල්ල වන…සිත දෙස, සිත තුල ඇතිවන සිතිවිලි දෙස ඔහේ බලා සිටීමෙන් ටික කලකින් මාර්ගඵල ලබා ගත හැකි යැයි සිතනා අයට සහ එම භාවනාව අනුගමනය කරන්නන් තමා සිටිනා “අයෝනිසෝමනසිකාරය” වටහා ගෙන නියම නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/hitha_thaniema.pdf[/pdf]

.


Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14161

Leave a Reply