Yogawachara Jeevithaya – Ven Matara Sri Gnanarama Maha Thero

Yogawacharaයෝගාවචර ජීවිතය – මාතර ඥානාරාම හිමි

යෝගාවචර ජීවිතය යනු මෙතෙකැයි වටිනාකම කියා නිම කළ නොහැකි අන්දමේ උසස් ජීවිතයකි. ලොවෙහි නොයෙකුත් විස්මජනක ජීවිත ඇත. එහෙත් යෝගාවචර ජීවිතය තරම් විස්මජනක ජීවිතයක් තවත් නැත. ඒ ගැන සිතා යෝගාවචරයා සතුටු විය යුතුය. ඒ ජීවිතය ඉතා වටිනා සහ පිරිසිදු වූවකි. ලොවෙහි අනෙක් විස්මජනක ජීවිත භාහිර යන්ත්‍ර සූත්‍ර සමඟ, භාහිර දේ සමඟ ක්‍රියා කිරීමකි. යෝගාවචර ජීවිතය සිතත් සමඟ කරන වැඩකි.

ශ්‍රේෂ්ඨතම යෝගාවචරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාවචර ජීවිතය ඇරඹෙන්නේ උන්වහන්සේ ගෙනි. උන්වහන්සේගේ ධර්මයට සවන් දෙන සියල්ලෝම යෝගාවචර ජීවිතයට ඇතුළත් නො වෙති. ඉන් ටික දෙනෙකු පමණී ඒ ජීවිතයට එක් වන්නේ. තමාද ඒ භාග්‍යවන්ත ටික දෙනාගෙන් කෙනෙකුයයි සිතා යෝගාවචරයා සතුටු විය යුතු ය.

මේ කරුණු කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්‍රද්ධාවක් හා ධෛර්යක් උපදිනුයේ ගැඹුරු වූ ධර්ම කොටස් එතරම් සරලවත් පැහැදිළිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. මේ පොත ඔබගේ භාවනාවට මහත් අත්වැලක් වනු ඇති බවත් ධම්ම දානයක් වශයෙන් අප මේ පොතේ කොටස් ඔබගේ පහසුව සදහා පිටපත් කොට කොටස් වශයෙන් පලකිරීමේ අදටනින් භාවනාවට ඉතාමත්ම වැදගත් “යෝගාවචර ජීවිතය” කොටස මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාන පොතෙන් 10 සිට 14 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

[pdf]http://www.dhammikaweb.com/pdfs/Yogawachara_Jeevithaya_VenMatara_Nanarama_Thero.pdf[/pdf]

.

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14147

Leave a Reply