Masmansa Velladun Vethatai

Mansa_Vanijjaමස්මාංස වෙළදාම් කරනා සිල්ලර/තොග වෙළද සැල් හිමි බෞද්ධ වෙළද මහත්ම මහත්මීන් වෙතටයි!!!

ඔබව සතර අපායට ගෙන යන මේ දරුණු පාප කර්මය ඔබ කරන්නේ ද? පොඩ්ඩක් සිතන්න, මෙය අවබෝධයෙන්

ඔබලා මේ ගැන දැන සිටියා ද? එසේත් නැත්නම් මුදල් පසුපස යෑම නිසා මෙය අමතක වූවා ද? එසේත් නැත්නම් හිතමතා දැන දැන බුද්ධ වචනය පිළිගත්තේ නැද්ද?

ඔබගේ වෙළද සැලේ මස්මාංස විකිනීමට තිබේ ද? (හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, මාලු, කරවල, හාල්මැස්සන්, උම්බලකඩ…..මෙකී නොකී සියලුම මස්මාංස ඝනයට වැටෙනා)

එසේ නම් මෙම ලිපිය ඔබ වෙතටයි !

ඔබ දන්නවා ද? මස්මාංස වෙළදාම අප බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද නො කල යුතු කර්මාතයන් වලට වැටෙනා බව.  කියවන්න අවබෝධයෙන් අඞ්‌ගුත්‌තරනිකායේ එන වණිජ්‌ජා  සූත්‍රය ….

7. වණිජ්‌ජාසුත්‌තං වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359)

177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’. සත්‌තමං.  

වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය http://www.tipitaka.org/sinh/cscd/s0403m1.mul17.xml

එසේ නම් බුදුරජානණ් වහන්සේ විසින් නොකල යුතු කර්මාන්ත වලට වැටෙන මේ මාංස වෙළදාම කරන  වෙළද මහත්ම මහත්මීනට පන්සිල්, ආජීවක අෂ්ඨමක ශීලය සමාදම් විය හැකි ද?

අප මෙය උදාහරනයක් ගෙන මෙසේ .විග්‍රහ කරමු. ඔබගේ වෙළද සැලේ විකිනීමට තිබෙනා කුකුල් මස් අප උදාහරනයකට ගනිමු. ඔබ මෙම කුකුල් මස් මිලදී ගන්නේ කවුරුන්ගෙන් ද? අනිවාර්යෙන් කුකුලන් ඇතිකරනා කර්මාන්ත ශාලා හිමියන්ගෙන් නො වේද? එසේත් නැත්නම් ඔබ දන්නවා මේ මස් එන්නේ අනිවාර්යෙන්ම කුකුලන් මරණ මොනයම් හෝ ස්ථානයකින් බව. දැන් සිතන්න ඔබගේ වෙළද සැලේ කුකුල් මස් විකිණී අවසන් කියා. එතකොට ඔබ මොකද කරන්නේ? වෙන කිසිවක් නොව ඔබ මෙම මස් ගෙන ඒමට ඇන්වුමක් අදාල වෙළද නියෝජිතයට දෙනවා. ඔවුන්ට කෙලින්ම කප් රුකෙන් මස් පහලවෙන්නේ නැහැනේ. කුකුලන් මරන්නන්හ ට උපදෙස් දීම මත වෙළද සැලට අවශ්‍ය ප්‍රමාණයට කිසිම කෙනෙකුට වරදක් කර නැති අහිංසක සතුන්(කුකුලන්) ඔබ වෙනුවෙන්, ඔබගේ ඇන්වුමට සැපයීම වෙනුවෙන් මරනවා..ඒ එක්කම ඔබගේ වෙළද සැලේ කුකුල් මස් මිලදී ගෙන ඔබට ඊලග මාංශ තොගය ගන්න ඉල්ලුම දෙන්නේ මේ කුකුල් මස් මිලදී ගන්නා අයයි. එනම් මස්මාංශ කන්නන්. දැන් බලන්න මේ සියල්ලෝම යන්නේ එකම තැන වන සතර අපායට නො වේ ද කියා? දැන් කාටද පව, කීදෙනෙක් සතර අපායට යන ගමනට හවුල් වෙනවා ද? ඔබ තමා තීන්දුව දෙන්නේ සතුන් මරනා ප්‍රමාණයට…අපූරුයි නේද කරගන්න ප්‍රාණඝාතයක මහත…සිතන්න…අනෙක් මස්මාංස වෙළදාමටත් මෙම උදාහරනයම එකතු කර බලන්න….

බුදුරජාණන් වහන්සෙ නිකන් නොවේ මස්වෙළදාම නො කල යුතු වෙළදාමක් බව..මිනිසුන්ට අනුකම්පාව පිණිසයි..පාපකර්ම වලින් අපේ මිනිසුන් බේරා ගැනීම පිණිසයි.

අප අත්දැකීමෙන් දන්නවා මෙම නොකල යුතු කර්මාන්තයට වැටෙනා මාස්මාංස වෙළදාම කරන වෙළද හිමියන් නොයෙකුත් දරුණු ලෙඩරෝග වලට ගොදුරු වූවන්, නිතරම අසනීපෙන්,ඔවුන් මේ මස්මාංස වෙළදාමෙන් ලබනා ලාභයටත් වඩා මුදලක් ඔවුනවුන්ගේ මේ අසනීප වලට බෙහෙත් ගැනීමට වැය වෙනවා..පොඩ්ඩක් සිතා බලන්න..පොඩ්ඩක් වැය ශිර්ෂය විග්‍රහ කර බලන්න…ඔබ පරාදයි..ඔබට මෙලොවත් දුකයි, පරලොවත් ගතකිරීමට වෙන්නේ සතර අපායේ බව මතක තියා ගන්න.

කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය.

මේ ගැන සිතා මෙවන් පාපි වෙළදාමෙන් ඉවත් වී පන්සිල් රකිමින්, පන්සිල් රැකීමෙන් ඔබට ලැබෙනා ආනිසංස පහ ලබා ගනිමින්, සතර අපායෙන් මිදී, නිවන් අරමුණු පිණිසම කුසල් රැස්කරමින් නිවන් මාරගයට පිවිසීමට මෙම ලිපිය හේතු වේවා! මේ පින් සියලු දෙවියන් අනුමොදන් වෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා!

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13807

7 comments

Skip to comment form

    • Priyantha Liyanage on September 16, 2012 at 4:26 pm
    • Reply

    අකැප වෙලදාම් වල අඩංගු වන්නේ මස් පිණිස සතුන් ඇති කිරීම නේද? ඇසෙ නම් අකැප වෙලදාම් කරනුයේ සතා ඇති දැඩි කල තැනැත්තා නේද ? එසේ නම් ප්‍රාණ ඝාතනයට අසු වන්නේ සතා මරණ ඇත්තා මිසක් මැරිච්ච සතකුගේ මස් වෙලදාම් කරන අය නොවේ නේද? සත්ව  ඝාතනනට අනුබල දීම වෙළෙන්දා පමණක් නොවේ මස් මිලදී ගන්නා පරීබෝගිකයත් කරයි. එය සාධාරණිකරණය නොකරමි.

    1. පැහැදිළිව සිංහලට පරිවර්ථනයේ දී විශාල වරදක් වී ඇති බවට මෙය හොද සාධකයකි. පාළිය යනු යනු බුද්ධ වචනය බවත් එහි පූර්ණ විශ්වාසය තබා තීරණ තීන්දු ගැනීම පරිවථන හර නො ගත යුතු බවට මෙය කදිම නිදසුනකී. බලන්න මේ වණිජ්‌ජාසුත්‌තං මංසවණිජ්‌ජා යන පාළි වචනයේ සිංහල තේරුම සදහන් වන්නේ මස් පිණිස සතුන් වෙළදාම යනුවෙන්,
      මෙය නියම පාළි වචනයේ ( මංසවණිජ්‌ජා) තෙරුම නොවේ නේද? මංස යන වචනය ත්රිසපිටකයේ කීප තැනකම තියෙන්නේ මස් යන තෙරුමයි.”
      වණිජ්‌ජා” කියන්නේ කර්මාන්තය යි. එසේ නම් මෙම මස් පිණිස සතුන් වෙළදාම නම් මෙම සිංහල පරිවර්ථනය මෙතනට ආවේ කිනම් හේතුවකට ද? අප දන්නවා පාළි වචනය කිසිදිනෙක වරදින්නේ නැති බවත්. එය බුද්ධ වචනය බවත් මංසවණිජ්‌ජා යනු මස් වෙළදාම ම වේ.
      මෙම වචනයත් සමගම මස් මාංස සම්බන්ධයෙන් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා අප නොයන්නේ ද? එසේ නම් බුදුරජානණ් වහන්සේ විසින් නොකල යුතු කර්මාන්ත වලට වැටෙන මේ මාංස වෙළදාම කරන ……….මෙහිදී සිංහලට පරිවර්ථනය කිරීමේ දී සිදුවූයේ කුමක් ද? මා හට මතකයි බලංගොඩ ආනන්ද මයිත්රී. මහනාහිමියන් බික්ඛ්හූ බෝධී හිමියන්ට උපදෙස් දී තිබෙනවා නිතරම පාළියෙන් ත්රියපිටකය පරිශීලනය කරන ලෙසට. මස් වෙළදාම නො කළ යුතු වෙළදාමක් බවත් එය බුදුරජාණන් වහන්සේ පාපයක් බවට මෙම සූත්රිය හොදින් සක්ෂි දරත්….එසේනම් එසේනම් මෙන්න බලන්න බුද්ධ ජයන්ති ත්රිටපිටක ග්රනන්ථමාලාවෙන් පිටපත් කරගත් කොටස…… http://assets4.dhammikaweb.com/uploads/2012/07/Vanijja_Sutta_AnguttraNikaya03_Page338_to_339_pdf359.pdf1_.pdf

        • Priyantha Liyanage on September 17, 2012 at 9:16 am
        • Reply

        ඔබගේ පැහැදිලි කිරීම මනාව වැටහුනා. ඔබට පින්
        තෙරුවන් සරණයි

        • දීපා ඒකනායක on August 6, 2015 at 8:13 pm
        • Reply

        “ අප දන්නවා පාළි වචනය කිසිදිනෙක වරදින්නේ නැති බවත්. එය බුද්ධ වචනය බවත් මංසවණිජ්‌ජා යනු මස් වෙළදාම ම වේ.“

        මෙය සම්පූර්ණ වැරදි කථාවක්. බුදු හිමියන් ධර්මය දේශනා කරන්නේ මාගධී භාෂාවෙන් එය පසුව හෙල අටුවාවට පරිවර්ථනය වුනා. බුද්ධගෝෂ හිමියන් උන්වහන්සේගේ දැනුම අනුව පාලියට පරිවර්ථනය කරා.

        1. බුද්ධගෝෂ හිමියන් ගේ පරිවර්ථන වල ප්‍රශ්න තිබෙන බවත් බුද්ධ වචනය වෙනස් වී ඇති ආකාරයන් උගත් ස්වාමින් වහන්සේලා පෙන්වා දි තිබෙන වා. අප බුද්ධ වචනය ලෙස නොබියව ගත යුත්තේ තුන්පිටකය.

          උදා:- යම් තැනක නාමයත්, රූපයත් – පටිඝයත්, රූප සංඥාවත් සම්පූණයෙන්ම වලකවා ගනු ලැබේ ද, මෙතනයි ඒ ජටාව සිඳිනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා හතර අතුරින් මුල් ගාථ දෙක බොහෝ දෙනා දන්නවා ඇති මොකද විශුද්ධි මාර්ගයේ ඒ බුද්ධගෝස අටුවාචාරීන් වහන්සේ විශුද්ධි මාර්ගට පාදක කරගෙන තිබෙන්නේ මේ මුල් ගාථා දෙකයි. නමුත් අපට පේන හැටියට, අන්තිම ගාථාව තමයි වැදගත්ම, ගැඹුරුම ගාථාව, අපි පසුගිය දේශනාවේ දී මහානිධාන සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කළා, නාමයෙන් කෙරෙන හැදින්වීම තුලින් රූපයට අධිවචනසම්පස්සියක් සැලසෙන බවත්, රූපයෙන් ලැබෙන ගැටීම තුලින්, නාමයට පටිඝසම්පස්සියක් ලැබෙන බවත්, මේ දෙක එකතු වෙලයි ස්පර්ශය හැදෙන්නේ කියා. කොටින්ම ඒ නාමයත්, රූපයත් අතර ඒවාට අදාල නිමිති ලක්ෂණ වලින් වෙලුමක් වගේ බැඳිලා තිබෙනවා ඕක තමයි අපට පේන විදිහට “අන්‌තො ජටා ව”. ඊලගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාමරූපයත්, විඥ්ඥායත් අන්යෝන්‍ය වශයෙන් වෙලිළා පවතින වා ඕක තමයි “බහි ජටා ව”

          බුද්ධගෝස අටුවාචාරින් වහන්සේ සංයුත්‌තනිකායේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ කියන්නේ ජටාව කියන්නේ තන්හාව, ” අන්‌තො ජටාව” කියන්නේ තමන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව, “බහි ජටාව” කියන්නේ අනුන්ගේ පරිශ්කාර වලට තියෙන තන්හාව කියා. තවත් විදිහකට තෝරනවා තමන්ගේ ආත්මභාවය මේ ශරීරය, මේ ශරීරයට තියෙන ඇල්ම තමා අන්තො ජටා ව, අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම, අනුන්ගේ ආත්මභාව වලට තියෙන ඇල්ම තමයි බහි ජටා ව. තවත් තේරුමක් දෙනවා, ආධ්‍යාත්මික ආයතන හය එනම් ඇස,කන,නාසය,දිව,කය,මන කියන හයේ අන්තො ජටා ව, බහි ජටා ව යනු ඒවාට තියෙන අරමුණු, රූප,ශබ්ධ,ඝන්ධ,රස,කොට්ඨබ්බ,ධම්ම ඔන්න ජටා ව තෝරන හැටි බුධගෝස හාමුදුරුවෝ. උපුටා ගැනීම

  1. (27. මහ‍ණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙණෙදම් පසෙකි. කවර පසෙකින් යත්:

    ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.

    මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ ‍ වෙණෙදම් පස යි.) වණිජ්ජා සූත්‍රය

    ඉහත ලිපිය වැරදිය. කරුණු අවබෝධ කරගෙන වැරදිය.

    1. ඔබ මෙතනදී උපුටා ගෙන ඇත්තේ බුද්ධ වචනය ඇතුලත් ව තිබෙන සූත්‍රයෙන් නොවන නිසා මෙය බුද්ධ වචනය නොවේ මෙන්න බලන්න බුද්ධ වචනය තිබෙන විදිහ,

      177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’. සත්‌තමං. 7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය http://www.tipitaka.org/sinh/

      මෙහිදී අටුවා ටීකා අවශ්‍ය නැහැ ලිහා ගන්න මේ “මංසවණිජ්‌ජා” යන සරල පාළි වචනය තේරුම් ගන්න. මෙතන හොදටම පැහැදිළියි රසතෘෂ්ණාව ඉහවහා ගිය පරිවර්ථකයින් බුද්ධ වචනය වෙනස් කිරීමේ පාප කර්මයට හසු වී ඇති ආකාරය “මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ලෙසට මෙලෙස වෙනස් කිරීමෙන්.

      මාංසවාණිජ්‍ය කියන තැන කොහොම ද මස් පිණිස සතුන් ලෙස අර්ථ දක්වන්නේ. මෙය බුද්ධ වචනය අමු අමුවේ විනාශ කිරීමක්, බුද්ධ වචනයට නින්දාවක්, මෙලෙස වෙනස් කළ අය මොන වල යන්න ද?

      මංසවණිජ්‌ජා” = මස්+වෙළදාමයි මෙය වෙනස් කර ඔබත් බුද්ධ වචනය වෙනස් කිරීමේ පාපයට හසු වෙන්න එපා. සත්‍ය අවබෝධ කර ගන්න.

      බුදුරජාණන් වහන්සේ තහනම් කළ මාංශ වෙළදාමට මෙතරම් බෞද්ධයන් යොමු වීමට වගකිව යුත්තේ කවුරුන් ද? අටුවා විග්‍රහය අනුව බුදුරජුන්ගෙන් තහනමට ලක්වූ මාංශ වෙළදාමට මොකද වෙන්නේ????

Leave a Reply