Maitre Bhavanawa – Ven Katukurunde Ñāṇananda Thero

compress_buddhistමෛත්‍රී භාවනාව  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේ ද? කොපමන උත්සාහ කළත් ඔබට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැද්ද? ඔබට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිලාභ ලැබී නැද්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ භාවනාවන් පසුකාලීනව නො යෙකුත් සංකීරත්වයට පත්වී අප බෞද්ධයන් අතරින් කෙමෙන් ඈති වී යන මෙවන් කාලයක, එමෙන්ම අද විලාසිතාවක්ව පවතින භාවනාව නැවත බුදුරජානන් වහන්සේගේ බුද්ධ වචනය අප බෞද්ධයන් අතරට ගෙන ඒමට නිහඩව මහගු සාසනික සේවාවක් සිදු කරන්නට යෙදුනා වූ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමිපානන් වහන්සේ විසින් නිවන් අරමුණු පිණිසම දේශිත මෙම ධම්ම දේශනාව ඔබට මෛත්‍රී භාවනාව වැඩීමට මහත් උනන්දුවක් ඇති කරනවා නිසැකය. 

ඔබට මෙත්ත සූත්‍රයත් (9මෙත්‌තසුත්‌තං – ඛුද්‌දකපාඨපාළි, ඛුද්‌දකනිකාය) සමගම මෙම දේශනාවට අවබෝධයෙන් සවන් යොමු කළේ නම් පසුකාලීනව මෙම මෛත්‍රී භාවනාව වෙනස් වී ඇති ආකාරයත්, අද බෞද්ධ සමාජය බුද්ධ වචනයෙන් කෙතරම් දුරස් වී ඇති ද කියා ඔබටම හදුනාගත හැක. අද බෞද්ධයන් මෙවන් සරල සූත්‍රයක් කෙතරම් සංකීර්ණ කරගෙන ද  මෛත්‍රිය වඩන්නේ. 

අටුවා යුගයේ දී ඒකතු වුන සංකීර්ණ විවරණ මාර්ග නිසා  මෙත්තා චේතෝවිමුත්තිය මුලුගැන්වෙන්නට විය.තමා, හිතවතා, මැදහතා, අහිතවතා යන පුද්ගල භේදයක් මත පදනම් වූ විග්‍රහයක ට කෙරෙන සීමා සම්භේදයකින් (සීමා බිඳීමකින්) මෙත්තා චේතෝවිමුත්තිය සැලසෙන බවක් අද බොහෝ භාවනා ඇදුරන් ‘ගුරු පොත’ලෙස සලකන විශුද්ධි මාර්ගයේ දැක්වෙයි. මෙත්ත සූත්‍රයේ අන්තර්ගතය හා කිසිසේත් ම නො සැසදෙන මේ විවරණ මාර්ගය, වැට කඩුලු තනමින් බිඳලමින් චේතෝවිමුත්තියක් වෙත ළංවීමට තැත් දරයි…. 

මේ විපරීත විවරණ මාර්ගයට හේතු වී ඇත්තේ මෛත්‍රිය සහ මිත්‍රත්වය අතර වෙනස වටහා නො ගැනීමෙන් වූ වැරදි ආකල්පයකී. ද්වේශයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් වූ පමණින් මෛත්‍රිය යනු මිත්‍රත්වය නොවේ. අද ඇතැමෙක් “මෛත්‍රිය වනාහි මිත්‍රත්වය” යන නිර්වචනයෙන් මෛත්‍රී භාවනාවට උපදෙස් දීම අරඹන්නේ  මේ වචන දෙකෙහි භාහිරව පෙනෙන සමානත්වය දැඩිකොට ගැනීමෙනි.  

අප බුදුරජානන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ගැඹුරු ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින්ම නිර්මල වූ සරලත්වයෙන් දේශනා කල අයුරු වටහා ගනිත්වා.     

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13781

3 comments

  1. මොන තරම් සත්‍යයද‍….මෛත්‍රිය පිළිබඳ අහපු හොඳම ධර්ම දේශනාවකි. කිසිදු අකුරක් ඉවතලිය නොහැක…

  2. This is a great explanation for Karaneeya Metta Sutta. Sadu! Sadu!! Sadu!!!

    1. මේ දේශනාවම උන්වහන්සේගේ භාවනා මාර්ගය පොතේ පිටු අංක 1 සිට 22 දක්වා ද තිබෙනවා. මෙම වෙබ් පිටුවෙන් භාවනා මාර්ගය–පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ඔබට එම පොත බා ගන්න පුලුවන්

      අප බුදුරජානන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ගැඹුරු ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින්ම නිර්මල වූ සරලත්වයෙන් දේශනා කල අයුරු වටහා ගනිත්වා.

      අටුවා යුගයේ දී ඒකතු වුන සංකීර්ණ විවරණ මාර්ග නිසා අද මෛත්‍රී භාවනා සංකීර්ණ වෙලා මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ගොස් ඇති අන්දම මේ දේශනාවෙන් වටහා ගත හැකිවේ.

Leave a Reply