Manase Mayawa – Ven Katukurunde Nanananda Thero

compress_Manase_Mayawaමනසේ මායාව – කාළකාරාම සූත්‍රයෙහි  අර්ථ විවරණයකිපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

කාළකාරාම සූත්‍රය මෙකල නම් ජනප්‍රිය සූත්‍රයක් ලෙස හැඳින්විය නොහේ. මෙකල එය ධර්ම දේශනාවකට මාතෘකා කරගනු ලබන්නේ ද කලාතුරකිනි. මෙම සූත්‍රය කළුවර මුල්ලකට තල්ලු වී ඇත්තේ එහි සංක්ෂිප්ත භාවයත්, නුහුරු නුපුරුදු චතුෂ්කෝටි තර්කන්‍යායට ඇති සබඳතාවත් නිසා ය. ‘උඩින් පල්ලෙන් කියවා ගෙනයන පාඨකයකුට සූත්‍රය දිස්වන්නේ ශුෂ්ක වාක්‍යඛණ්ඩ රටාවක් හා ඇදහිය නො හැකි කියමන් වැලක් ලෙසට ය.  

එතකුදු වූවත් බාහිර සැකැස්මේ පෙනෙන ඒ ශුෂ්ක බවටත් අද්භූත බවටත් යටින් සනාතන සගයකින් යුතු දර්ශනයක් ගොඩනගා ගැනීමෙහිලා උපයෝගි කරගත හැකි සාරධර්ම රැසක් සූත්‍රයෙහි අන්තර්ගතව ඇත. 

“…….මහණෙනි, යම්සේ මායාකරුවෙක් (විජ්ජාකරුවෙක්) හෝ මායාකරුවකුගේ අතවැස්සෙක් හෝ සිව්මංසලෙක මායාවක් දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මායාව දකින්නේ ය, සිතා බලන්නේ ය, නුවණින් පිරික්සන්නේ ය, දකින, සිතාබලන, නුවණින් පිරික්සන ඔහුට එය හිස්වූවක් සේම වැටහෙන්නේ ය. බොල්වූවක් සේම වැටහෙන්නේ ය. හර නැත්තක් සේම වැටහෙන්නේ ය. කිමෙක්ද, මහණෙනි, මායාවක ඇති හරය?   

………ඔබ බොහෝ අවස්ථාවල පුදුමයෙන් පුදුමයට පත්කළ ජනප්‍රිය විජ්ජාකාරයා යලිත් විජ්ජා දැකමක් පෙන්වීමට ඔබේ නගරයට පැමිණ සිටියි. ඔහු පැමිණ ඇති පුවත පැතිර ගියෙන් විජ්ජා දැක්ම දකිනු රිසි විශාල පිරිසක් අද සන්දර්ශන ශාලාව වෙත ලහි ලහියේ ඇදී යනු පෙනේ. ඔබත් ටිකට් පතක් මිලදී ගෙන කෙසේ හෝ ශාලාව තුලට රිංගාගත්තෙහි ය. දැනටම අසුන්වලට මහපොරයකී. එහෙත් ඔබට නම් අසුනක් අල්ලාගැනීමට උනන්දුවක් නැත. මන්ද? ඔබ අද ශාලාවට පිවිසියේ වෙනත් අදහසකින් බැවිනි. එනම්, විජ්ජාකරුගේ විජ්ජා රහස් හෙළිකරගැනීමේ අදහසිනි. විජ්ජාව පිළිබඳ අවිජ්ජාව දුරුකරගැනීමේ අටියෙනි. එනිසා ඔබ රැස්කකා තෙරපෙන පිරිස් පීරාගෙන ඉදිරියට ඇදී වේදිකාවේ අඳුරු මුල්ලක සැඟවී ගන්නෙහි ය.

විජ්ජාකරු කළු තිර අතරින් කළු ඇදුම් කට්ටලයකින් සැරසී වේදිකාවට පිවිසෙයි. තියුණු විමසුම් ඇසින් විජ්ජාකරුගේ හැම අංගචලනයක්ම බලා සිටින ඔබට ඔබේ ප්‍රියතම විජ්ජාකාරයාගේ විස්මජනක ප්‍රාතිහාර්‍යවල රහස් එකිනෙක හෙලිවෙයි..…..

මුළු මැජික් දර්ශනයම නිසරු දැක්මක්, මායාවක්, ප්‍රෝඩාවක් ලෙස ඔබට වැටහී හමාරය.  තදබල කලකිරීමකින් ඔබ නෙතත් සිතත් මෑත්කර ගන්නේ පහල ප්‍රේක්ෂකාගාරය දෙස එබී බැලීමටයි. හා ! කදිම දැක්මකි. විස්මයෙන් වියරු වූ මේ ප්‍රේක්ෂක පිරිස ගැන අනුකම්පාවක් පවා ඔබ තුල හට ගනී. මේ කපටි විජ්ජාකාරයාට මා රැවටුනේ කොහොමදැයි ඔබට සිතේ..…      

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13388

Leave a Reply