ජම්බුද්වීපය මිත්‍යාවක්, මීවනපලානේ හිමි වරද පිලිගනී.

අනුගාමිකයෝ නන්නත්තාරයි.

බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බවට මිත්‍යාමතයක් ගොඩ නගමින් “මීවනපලානේ සිරිධම්මාලංකාර හිමි” නමින් පෙනී සිටින හිමි නමක් සහ එම සංකල්පය වටා රොක් වුනු අනුගාමිකයන් රැලක් විසින් බොදු සමාජය නොමග යවන අයුරු අපි හෙලිදරව් කරා මතකද?
https://www.facebook.com/photo.php?fbid=474508099233445&set=a.274866039197653.86923.274859899198267&type=3&theater

මේ ප්‍රොඩව ගැන නෙත් FM බැලුම්ගලෙන් හෙලිදරව් කලේ මෙහෙමයි.
http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ

“අප උපන් දේශය බුදුන් උපන් ජම්බුද්වීපයයි” නමින් ලියන ලද පොත් පත් හා පත්‍රිකා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතර බෙ‍දා හරිමින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කණපිට හරවමින් බෞද්ධයන් නොමග යවන මේ ව්‍යාපාරය වටා සැලකිය යුතු අනුගමිකයන් පිරිසක්ද එක් වී සිටී. බුද්ධ චරිතයට අදාල ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන වල නාමයන් ශ්‍රී ලංකාවේ පැරනි විහාරාරාම වලට ආදේශ කරමින් බුද්ධ දේශනාව වැරදි ලෙස අර්ථගන්වමින් මොවුන් සමාජගත කරගෙන යන මේ විකෘතියේ ප්‍රතිඵලයක් ලෙස අවුරුදු දහස් ගණනක බෞද්ධ ශාසනික ඉතිහාසය හා බුද්ධ චරිතයේ සිදුවීම් සම්බන්ධයෙන්ද ඇතැමි අය තුල සැක සංකා මතු වන්නට විය.

මොවුන් විසින් කරගෙන යන මේ විකෘතිය අනාගත ශාසනික පරිහානියක පෙරනිමිත්තක් බව වටහාගත් දැනඋගත් ස්වාමීන් වහන්සේලා හා බොදු සමාජයෙන් මොවුනට දැඩි ප්‍රතිවිරෝධයක් එල්ලවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මිත්‍යාමතධාරී පාර්ශවය හා දැනඋගත් ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාක් ඊයේ 2012-06-27 සවස පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප‍්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ අතර අපගේ මහාසංඝරත්නයේ කරුණු පැහැදිලි කිරීම හමුවේ මීවනපලානේ හිමියින් ප්‍රමුඛ මිත්‍යාමතධාරීන් නිරුත්තර විය. තම අනුගාමිකයන් ප්‍රචාරය කරන පරිදි තමන් රහතෙකු නොවන බවත්, බොදු සමාජය නොමග යවමින් තමන් කරන්නේ බරපතල වරදක් බවත් පිලිගැනීමට සිදු වුනා. මෙහිදී පොලීසිය දැඩි ලෙස කරුනු දක්වා සිටි අතර, අධිකරණ නියෝග කිකුත් කරන තුරු “බුදුන් උපන්නේ ලංකාවේ” බවට සදහන් වන සියලුම පොත් හා පත්‍රිකා බෙදාහැරීම වහාම නවත දමන ලෙසටත් නියෝග කර සිටියා. මීවනපලානේ හිමි විසින් ලියා ඇති ධර්ම කරුණු අඩංගු පොත්වල ඇති ඇතැම් කරුණු විකෘතීන් බව හදුනාගත් අතර තව දුරටත් අධ්‍යනය කිරීම සදහා ඒවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කරන මෙන්ද නියෝග කර සිටියා.

“බුදුන් උපන්නේ ලංකාවේ” යන සංකල්පය මීවනපලානේ හිමිගේ මනසේ ඇතිවූ හුදු සංකල්පයක් පමණක් බව දැන් හෙළී වී අවසානයි. එය සමාජය නොමගයවන සුලු ප්‍රකාශයන් බවද ඒ හිමි විසින්ම දැන් පිළිගෙන අවසානයි. මේ මිත්‍යාව පතුරමින් බොදු සමාජය නොමග එහිමිගේ අනුගාමික රැලට ද දැන් ඉඩක් නැත. නමුත් අණතුර තවමත් පහව ගොස් නැත. ව්‍යාජ ධාන්‍යලාභීන්, අරුම පුදුම බුදුවරුන් ඉදිරියේදීත් පහළ වනු ඇත. එවැනි බොරුකාරයන්ගේ කරපිටින් ගොඩයන්නට උත්සහා දරන මුදලාලිලාද ඉදිරියේදී තව තවත් බිහිවනු ඇත. මේ සියල්ල මැද නිර්මල බුදු දහම ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී, නොසෙල්වී ප්‍රඥාවන්තයින් ආලෝකයෙන් ආලෝකය කරා රැගෙන යනු ඇත. අපි අවදියෙන් සිටිමු.
තෙරුවන් සරණයි..! බුදු සසුන බැබළේවා..!

 

 

 

 

 

 

 

[youtube]Gm2mPtlv4AQ&feature[/youtube]

 

Mahamithawa 01

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13330

3 comments

    • gaweshakaya on March 4, 2017 at 10:56 am
    • Reply

    වැඩ කරන YouTube ලින්ක් එකක් නැද්ද?

    • Mahinda Panapitiya on March 29, 2017 at 1:05 am
    • Reply

    Why we should worry about where the Buddha was borne. For example I don’t know where Isec Newton was borne, though I have a degree based on theorems found by Newton and use those theorems for practical use in my engineering carrier. I think what we should do is to master Patichcha Sampuppada which is the theorem found by Buddha. I think one who master it to a level of practical application to engineer their minds, are the real Buddhists.

    • Kasun on January 28, 2018 at 4:57 am
    • Reply

    Dear Mahinda, Agree with your concernS

    We do not want to know the ownership.

    We can rather follow the great cultural and religious teachings to serve this world better and die with utmost happiness one day.

    Who need to become owner for something which is also not immortal.

    People should understand that at the first.

    Teruwansaranai!

Leave a Reply